Polowen Mathuwana Mini Kata Song Lyrics - පොළොවෙන් මතුවන මිණි කැට ගීතයේ පද පෙළ

Polowen Mathuwana Mini Kata Song Lyrics - පොළොවෙන් මතුවන මිණි කැට ගීතයේ පද පෙළ
Song Title : Polowen Mathuwana Mini Kata (පොළොවෙන් මතුවන මිණි කැට)
ගායනය : හර්ෂන දිසානායක
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සෝමරත්න දිසානායක


පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට //

ගිරි සිරසෙන් සැදී ඇදී
කළු මහවැලි කැළණි නදී
දසත ගලා දෙරණ සලා
හෙළ බිම සරු කරන ලදී

සීගිරියේ බිතු සිතුවම්
ඉසුරුමුණියෙ ගල් කැටයම්
සිරි ඉතිරේ අනුරපුරේ
යුගයක හෙල විරු විකුමන්

පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට

වැවෙන් ජලය කෙතට හලා
ගලෙන් විකුම් පිළිම නෙලා
පොළොන්නරුවෙ හෙළ විරුවන්
රුවන් දෙරණ සසිරි කලා

අසිරිය දැක මගෙ රටේ
පිට රටිනගෙ අවි ගැටේ
එකමුතු වෙමු නිති සුරකිමු
උරුමය අප දිනු රටේ

පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Polowen Mathuwana Mini Kata Song Lyrics - පොළොවෙන් මතුවන මිණි කැට ගීතයේ පද පෙළ Polowen Mathuwana Mini Kata Song Lyrics - පොළොවෙන් මතුවන මිණි කැට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment