Pin Bimayi Song Lyrics - පින් බිමයි ගීතයේ පද පෙළ

Pin Bimayi Song Lyrics - පින් බිමයි ගීතයේ පද පෙළ
Song Title : Pin Bimayi (පින් බිමයි)
ගායනය : හර්ෂණ දිසානායක
පද : ඉරේෂා රත්නායක සමග හිමෙෂලා ගංගාධරී *
තනුව හා සංගීතය : හර්ෂණ දිසානායක
* මේ දෙදෙනාම නවසීලන්තයේ සිටි සිංහල දරුවන් දෙදෙනෙක්.ඉරේෂා දැන් සිටින්නෙ ජර්මනියෙ. ඇය දැන් වෙෙද්‍යවරියක්.හිමෙෂලා දැනටත් නවසීලන්තයේ. ඇය උපාධිදාරී ගණිත ගුරුවරියක්.


පින් බිමයි සම්බුදු පා පහසින් බැබලෙනා
පුද බිමයි සිව් වරම් දෙවිඳුන් සුරකිනා
දේශයයි වැජඹෙමින් දිගු කල් පවතිනා
ආඩම්බරයි ලක් මවුනි සදා සුව ගෙන දෙනා

දීපයයි පිට රටුනගෙ නෙත් සිත් බබළනා
නිජ බිමයි තෙද විකුමැති විරුවන් බිහිවෙනා
යුද බිමයි නිබඳ ජයසෙන් ලබමිනා
පින්බරයි සදා ඔබ දිදුලනා

රන් කෙතයි රන් වනින් කරල් පූදිනා
නිල් දියවරයි පින්සාර දනන් අම සුව දෙනා
සිල් සුවඳමැයි භව සසර දම් සුවඳ පතුරනා
ලක් මෑණියයි හෙට පිපෙන කැකුළු හැම සුරකිනා

පින් බිමයි සම්බුදු පා පහසින් බැබලෙනා
පුද බිමයි සිව් වරම් දෙවිඳුන් සුරකිනා
දේශයයි වැජඹෙමින් දිගු කල් පවතිනා
ආඩම්බරයි ලක් මවුනි සදා සුව ගෙන දෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pin Bimayi Song Lyrics - පින් බිමයි ගීතයේ පද පෙළ Pin Bimayi Song Lyrics - පින් බිමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment