Aththamma Niwan Gihin Song Lyrics - අත්තම්මා නිවන් ගිහින් ගීතයේ පද පෙළ

Aththamma Niwan Gihin Song Lyrics - අත්තම්මා නිවන් ගිහින් ගීතයේ පද පෙළ
Song Title : Aththamma Niwan Gihin (අත්තම්මා නිවන් ගිහින්)
ගායනය : හර්ෂණ දිසානායක
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සෝමරත්න දිසානායක


අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම් //

හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
බාන බාන එක්කරගෙන හාමු අපි කෙතක්

අත්තම්මගෙ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු
අපි තාමත් රස විඳින්නෙ

අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්

කොකා වෙලො හොද්ද ලිපේ
අමු කුඹුරේ පිට්ටු ලිපේ
මොකෑ පුතේ උඹේ කටේ
ඇයි මාමේ හකුරු කැටේ

අත්තම්මගෙ කවි හින්දලු
අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු
අපි තාමත් රස විඳින්නෙ

අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aththamma Niwan Gihin Song Lyrics - අත්තම්මා නිවන් ගිහින් ගීතයේ පද පෙළ Aththamma Niwan Gihin Song Lyrics - අත්තම්මා නිවන් ගිහින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment