Pichcha Kakulu Song Lyrics - පිච්ච කැකුළු ගීතයේ පද පෙළ

Pichcha Kakulu Song Lyrics - පිච්ච කැකුළු ගීතයේ පද පෙළ
Song Title : Pichcha Kakulu (පිච්ච කැකුළු)
ගායනය : හර්ෂණ දිසානායක සහ කස්තුරි සූරියකුමාර්
පද රචනය : සෝමතිලක දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


පිච්ච කැකුළු මල් මාලය කොණ්ඩෙ පළන්ඳා
සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ

අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනියම පන්සලේ
අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොන්ඩයේ

අම්ම අප්ප ගියා උදෙන් වැඩට (වෙඩට) මාළු වාඩියෙ
මහ මුහුද ඇවිත් (එවිත්) දෝරෙ ගියා වාඩියවත් නෑ (නේ) එහේ

වෙච්ච කරච්චල් (කෙරච්චල්) කියන්න සාමිත් නෑ (නේ) කෝවිලේ
ලොකු හාමු‍දුරුවො අපට ඇවිත් (එවිත්) ඉන්න කීව පංසලේ

කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
අපි බුදු සාදුට වැඳල අහමු අම්ම අප්ප ගැන නුඹේ
මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ (නේ) ගියේ
අපි හැමදාමත් (හෙමදාමත්) දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ

දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
අපි බුදුසාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ

ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නෑ (නේ) අතේ
අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
සුදු අරලිය මල් පූජ කරමු ඒවත් සුවඳයි නගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pichcha Kakulu Song Lyrics - පිච්ච කැකුළු ගීතයේ පද පෙළ Pichcha Kakulu Song Lyrics - පිච්ච කැකුළු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment