Nil Katarolu Mal Gomuwe Song Lyrics - නිල් කටරොළු මල් ගොමුවේ ගීතයේ පද පෙළ

Nil Katarolu Mal Gomuwe Song Lyrics - නිල් කටරොළු මල් ගොමුවේ ගීතයේ පද පෙළ
Song Title : Nil Katarolu Mal Gomuwe (නිල් කටරොළු මල් ගොමුවේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සුනිල් ආර්. ගමගේ
තනුව : එච්.එම්. ජයවර්ධන
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනළයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්

පුංචි කමට නොදැන කරන වැරදි වලට සමා නො‍වී
කෝටු පාර ඉඳ හිටලා නුඹට තලද්දී
නෙත කඳුළින් නුඹ හඬද්දි
හිත කඳුළින් මං හැඬුවෙමි

නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනළයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී නොවෙන් පුතේ දඟ ළමයෙක්

කිරි කළ හත පෙවී නුඹට පා පොඩි එසවුණු දා සිට
සුරතල් සිහිනයකි මගේ ළය මුළුගැන්වී රැඳුණේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Katarolu Mal Gomuwe Song Lyrics - නිල් කටරොළු මල් ගොමුවේ ගීතයේ පද පෙළ Nil Katarolu Mal Gomuwe Song Lyrics - නිල් කටරොළු මල් ගොමුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment