Kellange Boru Song Lyrics - කෙල්ලන්ගෙ බොරු ගීතයේ පද පෙළ

Kellange Boru Song Lyrics - කෙල්ලන්ගෙ බොරු  ගීතයේ පද පෙළ
Song Title : Kellange Boru (කෙල්ලන්ගෙ බොරු)
Performed by : Reezer Bee
Written by : Ishan Prageeth
Prod. by : Chakra Beatz
Guitars : Shan Niro
Mix & Mastered by : Dr.BSKing
Dir. by : Shehan Prageeth
DOP by : Asala Abesingha
Edit, VFX, Colourist by : Randil Alwis
Album Art Work by : Rochana @TheMiracle


කාගේත් කාගේත් තිබ්බේ මුල ඉදන් රැවටිල්ල
ඉවසන්න බැරිම කෙල්ලන්ගේ බොරු කියවිල්ල
හොඳ කරත් වැරදි ගැනමයි දැන් විමසිල්ල
සල්ලි තිබ්බොත් සැලකිල්ල නැතිදාට කෙළවිල්ල

ලග ඉන්න බැරි නිසා දුරස් උනා
මමත් පිලිගන්නවා මගේ අතින් වැරදි උනා
වසර තුනයි ගත වුනේ නුඹ මගෙන් ඈත් වෙලා
මමත් හිතුව නම් මැරුණු තැන ගසුත් පැල වෙලා

පිරිමි හිත තද කළු ගලක් වගේලු
දැන් දුක දැනුනත් ගල් හිත උණු වෙන්නේ නැතිලු
වෙනස් උනේ නුඹයි පිළිගන්න බැරිලු
ගල් හිතෙන් පහලට ගලයි නොපෙනෙන කඳුළු

ගෙවුනා කාලයක් මතකය නුඹ අසලින්
මම නුඹට නුඹ මටම එක හිතකින්
ඒ හද වශී වුනේ නුඹේම රුවට සැනෙකින්
කාලේ මැවෙනවා නිදි නැති දෙනෙත් අතරින්

 ඇති ඇති තරම් මිල මුදල්
නුඹට තෑගී කරන්න වටින කැමතිම දේවල්
මට නැතත් සල්ලි කොල කෙල්ලේ මිටි ගනන්
කලේ ආලේ තිබිණු නිසායි හද පිරි උතුරලා යන්න තරම්

හද පිරුණු දැනුන
නුඹේ රුව තනි වුනු වරුවක් ගානේ
සිහිවෙන මුව යලිත්
නැවත නොයෙන නොමියෙන
මතකය ගෙවී ගිය කාලේ මෙන් නැවතත්
මම තනියෙම

ඇදෙනවා හීනේ වගේ කාලේ කාමරේ
හීනේ මාරුව රුව වෙනුවෙන් කෙරු ආදරේ
හැමදාමත් තනියෙන් ගත වෙවී
දින සති මිදෙන්නේ කෙලස මේ අඳුරු කළුවරේ

වැස්සත් එක්ක මේ වැටෙන්නේ අපේ මතක
මම ප්‍රශ්න ගොඩක් හිර කරන ඉද්දි තනි හිතක
මතක් වෙද්දී හිත දුවයි වෙන අතක
වින්ද පහස රහස තනි වෙලා මදුවිතක

තාමත් ළගින් මාවත් උඹ තේරුම් ගත්තා නම්
වුන දේවල් වලදීත් මං ගත්තේ නුඹේ පැත්ත නම්
වියරුවෙන් හරි කිව්ව දේවල් ඇත්ත මං
එකයි අලුත් කතාවේ ඇරැඹුමට හිස්තැනක්

කිවුවේ හීන මැවුවේ යන්න අතින් අල්ලන්
රැව්වේ මාව දැකලා කාලයක් හිනහා පිරුණු මූණ එල්ලන්
මිදිලා යන්නම් තනියෙන් ඉන්නම් කාටත්
බොරු හිනාවක් පෙන්නන්නම්
කියලා වෙන කවුරුත් සැරිසැරුවේ
මම කෙරුවේ නැනේ සෙල්ලම්

ආලේ කල කාලේ මම තාමත් අතරමං
තොඩුමලේ කරේ මට ඉන්නේ නුඹ විතර නම්
කියා හිත හදාගන්න ගන්න මිස මට
මාව ගණන් විතරයි පුළුවන් හීනෙන් රුව දුටුවා මං

අපි අපිටම කරා රැවටිලි පටන් ගත්තා දා
ඉදන් තමා තාමත් මග නවතිලී
ගැරැහිලිමයි ඇඟිලි තාමත් මගේ පැත්තට නිතී
කෙල්ලෙක් අවසානයි කතාව කළු තිතක් නිමී



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kellange Boru Song Lyrics - කෙල්ලන්ගෙ බොරු ගීතයේ පද පෙළ Kellange Boru Song Lyrics - කෙල්ලන්ගෙ බොරු  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment