Meedumen Wasi Song Lyrics - මීදුමෙන් වැසී ගීතයේ පද පෙළ

Meedumen Wasi Song Lyrics - මීදුමෙන් වැසී ගීතයේ පද පෙළ

Meedumen Wasi Song Lyrics - මීදුමෙන් වැසී ගීතයේ පද පෙළ
Song Title : Meedumen Wasi (මීදුමෙන් වැසී)
ගායනය : සන්තුෂ් වීරමන් සහ නිරෝෂා විරාජිනී
පද : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය
සිරිපොද වැස්ස චිත්‍රපටියේ ගීයක් (2006)


මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවණේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

සේද නිල්ලේ මල් යායේ (අඅඅ ආ.. අඅඅ ආ ආ..)
ඇවිද යන්නයි හිත් මානේ (ආ ආ.. ආඅ ආ...)
ඔබය මාගේ රජ දහනේ (ආ ආ.. ආඅ ආ...)
කිරුළ හිමි වූ මනමාලී

ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ

ආ ආ.. අඅඅ ආ..
ආඅආ අආ.. අඅඅ ආ ආ..

මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

මුහුදු වෙරළේ රළ වාගේ (ආ ආ.. ආඅ ආ...)
ඇවිත් කොඳුරන්නම් ආලේ (ආ ආ.. ආඅ ආ...)
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ

මීදුමෙන් වැසී කඳුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ළං වෙවී

ළා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meedumen Wasi Song Lyrics - මීදුමෙන් වැසී ගීතයේ පද පෙළ Meedumen Wasi Song Lyrics - මීදුමෙන් වැසී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment