Mangalam Yayi Song Lyrics - මංගලම් යයි ගීතයේ පද පෙළ

Mangalam Yayi Song Lyrics - මංගලම් යයි ගීතයේ පද පෙළ
Song Title : Mangalam Yayi (මංගලම් යයි)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ඔස්ටින් මුණසිංහ


මංගලම් යයි කියන්න මුමුණා
ඔබ‍ගෙන් ‍වෙන්වී යන්න කලින්
‍පෝරු මස්ත‍කේ ඔහු පුද ‍දෙන්නම්
දූවිලි තැවරුණු මිලින ම‍ලේ

‍දෙවියකි ඔහු හදවත ඇති කම්පා
ඔබ වන් ‍නොමිනිස් ‍කෙ‍නෙකු ‍නො‍වේ
සුපිපුණු මල් මැද මිලින වු මා දුටු
ගුණ‍යෙන් පිරිපුන් ‍‍කෙ‍නෙකි ‍ලො‍වේ

ඔබ දෑ‍තේ තව දිය ‍දෝතකි මා
‍නොනැවත පහළට ගලන ගඟේ
මට දුන් දුක අන් ළඳකට ‍නොම ‍දෙන්
ඔහු වන් ‍දෙවියන් සුලබ ‍නො‍වේ

මංගලම් යයි කියන්න මුමුණා
ඔබ‍ගෙන් ‍වෙන්වී යන්න කලින්
‍පෝරු මස්ත‍කේ ඔහු පුද ‍දෙන්නම්
දූවිලි තැවරුණු මිලින ම‍ලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mangalam Yayi Song Lyrics - මංගලම් යයි ගීතයේ පද පෙළ Mangalam Yayi Song Lyrics - මංගලම් යයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment