Iren Handen Song Lyrics - ඉරෙන් හඳෙන් ගීතයේ පද පෙළ

Iren Handen Song Lyrics - ඉරෙන් හඳෙන් ගීතයේ පද පෙළ
Song Title : Iren Handen (ඉරෙන් හඳෙන්)
ගායනය : හර්ෂණ දිසානායක සහ ළමා පිරිස
පද : සෝමරත්න දිසානායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
සූරිය අරණ චිත්‍රපටියේ ගීයකි


ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ...//

හෝ ... ඕ .. ඕ .. ඕ ..

සමනල තටු සිඳින්නෙපා
පාට මැකී යයි දේදුන්නේ
ගහවැල සිඳ දමන්නෙපා
පොළොව දැවී යයි ඉර ගින්නේ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට සදා රකිමු යාළුවේ ..//

ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ ...//

හෙයි හෙයි හෙයි හෙයි ...
හෙයි හෙයි හෙයි හෙයි ...

හෝ ... ඕ .. ඕ .. ඕ ..

නටා ගයන බටිති මලිත්තෝ
අපා දෙපා සිව්පා ඇත්තෝ
ඉරේ හඳේ ගහේ වැලේ
අපි වගේම උරුමය ඇත්තෝ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ..//

ඉරෙන් හඳෙන් ... එළිය අරන් ...
ගහෙන් වැලෙන් ... සුවඳ අරන් ...
ඇලෙන් දොලෙන් .... සිසිල අරන් ...

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙන්න එන්න යාළුවේ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුටු වෙලා ඉඳිමු යාළුවේ

අපට සැදුණු අපේ ලෝකයේ
සතුට බෙදා ගනිමු යාළුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iren Handen Song Lyrics - ඉරෙන් හඳෙන් ගීතයේ පද පෙළ Iren Handen Song Lyrics - ඉරෙන් හඳෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment