නිදහස සඳහා කොපමණ මුදලක් වැය වේද? ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වූ බිලියනපතියා (Billionaire)

නිදහස සඳහා කොපමණ මුදලක් වැය වේද? ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වූ බිලියනපතියා (Billionaire) - Your Choice Way

19 වන සියවස ආරම්භයේදී එක්සත් ජනපදය ස්පාඤ්ඤයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී. මෙම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මෙම ගැටුම ඒවකට ස්පාඤ්ඤ විසින් පාලනය කරමින් සිටි පිලිපීන දූපත් වලටද ව්‍යාප්ත විය. එහිදී ඇමරිකානුවන් විසින් පිලිපීන ස්වදේශීය ජනයාට පොරොන්දු වූයේ ස්පාඤඤවරුන් පරාජය කිරීමට ඔවුන්ට උපකාර කරනවා නම් එම ස්වදේශීය ජනයාට නිදහස ලබා දෙන බවයි. මෙයට එකඟ වූ ස්වදේශිකයින්ගේ සහාය ඇතිව එක්සත් ජනපදය ඉක්මනින්ම ස්පාඤ්ඤ ජාතිකයන් පරාජයට පත් කිරීමට සමත් විය. එහෙත් සිදු වූයේ කිසිවෙක් නොසිතූ දෙයකි. පොරොන්දු වූ පරිදි ඇමරිකාව ඔවුන්ගේ රට හැර නොගිය අතර එය පාලනය කිරීමට ඔවුන් තීරණය කරන ලදී.

පසුව 1898 අත්සන් කරන ලද පැරිස් ගිවිසුම මගින් එක්සත් ජනපදය විසින් පිලිපීනයේ පාලනය ස්පාඤ්ඤයෙන් නිල වශයෙන් ලබා ගත් අතර ඒ සදහා ඔවුන් ස්පාඤ්ඤයට ඩොලර් මිලියන 20ක මුදලක් ලබා දෙන ලදී.

නමුත් පිලිපීන ජාතිකයන් ඔවුන්ගේ නව යටත් විජිත පාලකයන්ද පිළි ගත්තේ නැත. ඒ අනුව 1899 දී ස්වදේශිකයන් සහ එක්සත් ජනපද හමුදා අතර යුද්ධයක් ඇති විය. පුරා වසර හතරක් තිස්සේ ඇවිලී ගිය මෙම සටනින් පිලිපීන ජාතිකයන් 200,000 අධික සංඛ්‍යාවක් මිය යන ලදී.

ඇමරිකානුවන් මෙම ගැටුමේදී ස්වදේශිකයන් ඉතා කුරිරු ලෙස මර්ධනය කරන ලදී. සිරකරුවන් බොහොමයක් අධික ලෙස වද දී මරා දැමුනු අතර සිවිල් වැසියන් දූෂණය කර මරා දමන ලදී. එමෙන්ම ඔවුන් එම ප්‍රදේශ වල වධකාගාර ඉදිකළ අතර බොහෝ සිවිල් වැසියන් ඒ තුළ සිය අවසන් හුස්ම හෙළන ලදී.

නමුත් වාසනාවකට මෙන් එක්සත් ජනපද පුවත්පත් මෙම කුරිරුකම් පිළිබඳව වාර්තා සියල්ල ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම මහා රැවටීම සහ සමූල ඝාතන පිළිබඳව ඇසූ එකල සමාජ ක්‍රියාකාරිකයෙක්, විශාරදයෙක් සහ ඩොලර් බිලියන ගණනක මහා දානපතියෙක්ද වූ ඇන්ඩෘ කානගී මහතාගේ සිත බෙහෙවින් රිදෙන්නට විය.

පිලිපීනය පිළිබද පුවත්පත් වාර්තා එක්සත් ජනපද භූමිය තුළ අධිරාජ්‍ය විරෝධී හැඟීම් වර්ධනය කිරීමට මහත් උපකාරී විය. ඇන්ඩෘ කානගී මහතා හැරුණුකොට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රසිද්ධ විවේචකයන් අතර මනෝ විද්‍යාඥ විලියම් ජේම්ස්, කර්තෘවරයකු වූ මාක් ට්වේන් වැනි පුද්ගලයන්ද සිටින ලදී.

වානේ නිෂ්පාදනය කිරීම මගින් සුවිශාල ධනයක් උපයා ගැනීමට සමත් වූ කානගී මහතාගේ ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 372 (වර්තමාන වටිනාකමට අනුව) කි. වර්තමානයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශුද්ධ වටිනාකමත් ඩොලර් බිලියන 2.4ක් පමණි.

ඔහු සතුව තිබූ මෙම අධික ධනය හේතුවෙන් පිලිපීනයේ සිදුවන අපයෝජන හා මරණ සම්බන්ධයෙන් එකල ඇමරිකානු ජනාධිපති විලියම් මැකින්ලීට පෞද්ගලිකව කතා කිරීමේ වරප්‍රසාදය ඔහුට හිමි විය.

අවසානයේ 1898 දී කානගී විසින් එක්සත් ජනපදයෙන් පිලිපීනයේ නිදහස මිලදී ගැනීමට ඉදිරිපත් විය. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ජනපති මැකින්ලින් සහ කොන්ග්‍රස් මණ්ඩලය  ස්වදේශිකයන්ට නිදහස ලබා දෙන්නේ නම් ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් රජයට පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බවයි. මේ සදහා වැය වන සෑම මුදලක්ම ඔහු තම පෞද්ගලික මුදල් වලින් ලබා දීමට එකඟ විය.

නමුත් ඔහුගේ මේ උත්සාහය සාර්ථක වූයේ නැත. පිලිපීනයට නිදහස ලබා දීමට ඔවුන් එකඟ වූයේ නැත. පෙනෙන විදියට නිදහසේ වටිනාකම ඩොලර් මිලියන 20කටත් වඩා වැඩි අගයකි.

ඉන් පසු කෙමෙන් ඉතිහාසය ඉදිරියට ගලා ගිය අතර එක්සත් ජනපද කොන්ග්‍රසය අවසානයේ පිලිපීනයට නිදහස ලබා දුන්නේ 1946 ජූලි 4 වැනිදාය. ලෝක යුද්ධ දෙකකින් පසුව, එක්සත් ජනපදය අවසානයේ යටත් විජිතයක් පවත්වාගෙන යාමේ ආර්ථික නොහැකියාව වටහා ගත්තේය.

ඇන්ඩෲ කානගී මහතා 1919 දී මිය ගිය අතර මිය යන විට ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 350 කට වැඩි මුදලක් පරිත්‍යාග ලෙස ලබා දී ඇත. ඔහුගේ පරිත්‍යාග එක්සත් ජනපද ඉතිහාසයේ අන් සියල්ලන්ම සිදු කළ පරිත්‍යාගයන් ඉක්මවා යයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිදහස සඳහා කොපමණ මුදලක් වැය වේද? ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වූ බිලියනපතියා (Billionaire) නිදහස සඳහා කොපමණ මුදලක් වැය වේද? ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වූ බිලියනපතියා (Billionaire) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2022 Rating: 5

0 comments:

Post a Comment