Mage Amal Biso Song Lyrics - මගෙ අමල් බිසෝ ගීතයේ පද පෙළ

Mage Amal Biso Song Lyrics - මගෙ අමල් බිසෝ ගීතයේ පද පෙළ
Song Title : Mage Amal Biso (මගෙ අමල් බිසෝ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 2001 දී “The best of Sunil 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ළතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන් //

යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙළයි, ළංවෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ළතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්

මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ළතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Amal Biso Song Lyrics - මගෙ අමල් බිසෝ ගීතයේ පද පෙළ Mage Amal Biso Song Lyrics - මගෙ අමල් බිසෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment