Le Kadulin Depa Dowa Song Lyrics - ලේ කඳුළින් දෙපා දොවා ගීතයේ පද පෙළ

Le Kadulin Depa Dowa Song Lyrics - ලේ කඳුළින් දෙපා දොවා ගීතයේ පද පෙළ
Song Title : Le Kadulin Depa Dowa (ලේ කඳුළින් දෙපා දොවා)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


ලේ කඳුළින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැරදමා
මා මරු කතරේ

හද මල් ගොමුවේ ප්‍රථම මලයි ඔබ නෙළුවේ
එ මලේ පිවිතුරු සුවඳ පොදයි ඔබ ලැබුවේ
ආදර කඳුළට නිගා කරන්නට
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත

ලේ කඳුළින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැරදමා
මා මරු කතරේ

යෞවනයේ කඳු සිරස මතයි මා සිටියේ
එහි මා කැඳවූ දිනෙක ඔබයි මා නැසුවේ
කවට කමින් ආලය ගරහන්නට
සැහැසි වුණේ කිම කියන් සුපෙම්වත

ලේ කඳුළින් දෙපා දොවා
මුර ගෑ යාදිනි නෑසූ සවනින්
නොයන් සුපෙම්වත අතැරදමා
මා මරු කතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Le Kadulin Depa Dowa Song Lyrics - ලේ කඳුළින් දෙපා දොවා ගීතයේ පද පෙළ Le Kadulin Depa Dowa Song Lyrics - ලේ කඳුළින් දෙපා දොවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2022 Rating: 5

0 comments:

Post a Comment