කොස් ඇට ටොෆි හදමු (Kos Ata Toffee)

කොස් ඇට ටොෆි හදමු (Kos Ata Toffee) - Your Choice Way

ඔන්න ඉතිං ලංකාවේ ඉන්න අපේ යාලුවන්ට නම් මේ දවස්වල කොස් වලින් අඩුවක් නැතුව ඇති.මේ කොස් වාරෙදි කොස් වලින් හදා ගන්න පුළුවන් රසවත් ආහාර වට්ටෝරු කිහිපයක් මං ඔයාලට අරන් එන්න හිතුවා. ඉතිං පිට රටවල ඉන්න අපේ යාලුවො තරහා වෙන්න එපා , ලංකාවේ යාලුවො ඔයාලටත් හදලා එවාවි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 තම්බා පොඩිකර ගත් කොස් ඇට කෝප්ප 1 ක් 
  • 🍂 සීනි අඬු කෝප්ප  1 1/2 ක්
  • 🍂 කිරිපිටි මේස හැඳි 2 ක්
  • 🍂 බටර් තේ හැඳි 1 ක් 
  • 🍂 වැනිලා ස්වල්පයක් 
  • 🍂 එනසාල් කුඩු ස්වල්පයක් 
  • 🍂 ලුණු පිංචක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌼 මුලින්ම තැටියක බටර් හෝ තෙල් ආලේප කර පසෙකින් තබන්න.
  2. 🌼 භාජනයක් ගෙන පොඩි කරගත් කොස් ඇට, සීනි, ලුණු, කිරිපිටි සහ වතුර මේස හැඳි 2 ක් පමණ දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  3. 🌼 මද ගින්නේ ලිප තබා මිශ්‍රණය තෙත ගතිය සිඳෙන තෙක් හැඳි ගාන්න.
  4. 🌼 මිශ්‍රණය ඝන වනවිට වැනිලා සහ එනසල් කුඩු එකතු කර හොඳින් හැඳි ගාන්න.
  5. 🌼 භාජනය වටේ සීනි වියලෙන පදමේදී බටර් එක් කර හොඳින් හැඳි ගා ලිපෙන් ඉවතට ගෙන  බටර් තවරා ගත් තැටියට දමා අඟල් 1/4 ක් පමණ උසට සිටින සේ තුනීකර කෑලි කපා ගන්න.

ඉතිං ඔයාලත් හදලා බලන්න, ඇත්තටම හරිම රසයි 😍 හදලා බලලා රස කියන්නකෝ.

හෙළයේ රස මිහිර
කොස් ඇට ටොෆි හදමු (Kos Ata Toffee) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොස් ඇට ටොෆි හදමු (Kos Ata Toffee) කොස් ඇට ටොෆි හදමු (Kos Ata Toffee) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2022 Rating: 5

0 comments:

Post a Comment