කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala)

කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala) - Your Choice Way
ඔන්න අදත් මං ඔයාලට කොස් ඇට වලින් හදා ගන්න පුළුවන් තවත් රසවත් කෑමක් අරන් ආවා. හදලා බලන්න , එක් වතාවක් රස බැලුවොත් හැමදාම කන්න ආස වෙයි 😊.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 සෝදා පිරිසිදු කරගත් කොස් ඇට කෝප්ප 2 ක්
  • 🍂 සීනි කෝප්ප 1/2 ක්
  • 🍂 පොල් කෝප්ප 1 ක්
  • 🍂 ලුණු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔶 කොස් ඇට කබලේ බැද ගන්න.
  2. 🔶 බැදගත් කොස් ඇට නිවෙන්න තබන්න.
  3. 🔶 කොස් ඇටවල පොතු ඉවත් කර ගන්න.
  4. 🔶 පොතු ඉවත් කරගත් කොස් ඇට වංගෙඩියේ හෝ ග්‍රයින්ඩරයේ දමා තරමක් කැබලි සිටින සේ කොටා ගන්න.
  5. 🔶 එයටම සීනි,පොල් සහ ලුණු ස්වල්පයක් එකතු කර මිශ්‍ර වනතුරු නැවත ටිකක් කොටා ගන්න.
  6. 🔶 පසුව හොඳින් මිශ්‍ර කර අවශ්‍ය ප්‍රමාණයට ගුලි සාදා ගන්න.
ඔයාලත් හදලා රස බලන්නකෝ  😍 සැකසුම :© නදීෂා ගමගේ
හෙළයේ රස මිහිර
කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala) කොස් ඇට අග්ගලා හදමු (Kos Ata Aggala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 18, 2022 Rating: 5

0 comments:

Post a Comment