වනචාරී හොල්මනකගේ ගොදුරක් (Horror)

වනචාරී හොල්මනකගේ ගොදුරක් (Horror) - Your Choice Way

මේ සිද්ධිය‍ට මගේ කිසිම සම්බන්දයක් නෑ

මේක මට යාලුවෙක් කියපු දෙයක් මේ යාළුවා ලංකාවේ කෙනෙක් නෙමේ එයා එල් සැල්වදෝර් කියන රටේ කෙනෙක් මේ සිද්ධියට මුණ දීල තියන්නේ එයාගේ පවුලේ කෙනෙක් (බාප්පා) මගේ යාළුවගේ නම ජෝසප්
දවසක් ජෝසප් ගේ බාප්පා මළ ගෙදරක ගිහින් ගෙදර එනවළු ටිකක් රෑ වෙලාලූ ටිකක් රෑ උනත් හැම
තැනම ගස් නිසා අවට පරිසරය සාමාන්‍ය ගානට වඩා අඳුරුයි ලූ

ඉතින් මේ බාප්පට කඳු දෙකක් තුනක් අතරින් ගෙදර එන්න තියනවලු සමහර කඳු අතරින් ගෙවල් තියන තැන් පේනවලු ඉතින් මෙය පාඩුවේ එනවලු තව විනාඩි දහයකට අඩූ දුරක්නේ තියන්නේ කියල හිතාගන විනාඩි විස්සක් විතර ගියාලු ගෙවල් ළඟට එන්න තාම බැරී උනාලු.මෙයා ටිකක් කලබල වෙලා පය ඉක්මන් කරලා ඇවිදින්න ගත්තලු මෙන්න ලොකු කොටියෙක් වගේ සතෙක් පිටිපස්සේ ගොරවගන ලඟට එනවා වගේ ඇහුනලු.පස්ස බැලුවාලු කිසිම සතෙක් නෑලු මිනිහබය වෙච්ච පර දිව්වාලු.

දුවල දුවලා නවතුනාලු හති වැඩි නිසා.නැවතුන තැන මිනිහට තේරුනලු පස් අමුතුයි කියලා. අලුත් පස්ලු,බලනකොට මිනිහ දුවල නැවතිලා තියන්නේ හවස මිනිය වළදාපු කනත්තේ දැන් මිනිහට හොඳටම බයයි ළූ අර සතා ළඟ ළඟ ම එනවා ඇහෙනවලු ඕන දෙයක් කියලා නැග්ගලු ළඟ තිබ්බ ගහකට
ගහට නැගල විනාඩි කීපයකින්නකොට හොඳටම වහින්න ගත්තලු.මිනිහ බයේ සීතලේ ගැහි ගැහී එන්නවලු ගහ උඩ

ඇතින් ඇහෙනවලු මිනිස්සු කතා කරන සද්දයක් පස්සේ බලනකොට මේ මිනිස්සු සාමාන්‍ය උන් නෙමේලු ආදී 3-4 ක් විතර උස මිනිස්සුලු උන් උන්නේ අමුඩේ වගේ ඇඳුමක් ඇඳගනලු
උන් එක එකට කතා කරකර අර මිණී වල හාරන්න ගත්තලු අත් වලින් කිසිම ආයුධයක් නැතිව
මේ මම කියපු යාළුවගේ බාප්පා ගහ උද ඉඳන් සීතලටයි බයටයි වෙව්ල වෙව්ල ඔක්කොම බලාගනලු
අර කොට මිනිස්සු මිනිය ගොඩට අර ගත්තලු .ඊට පස්සේ වෙන කොට මිනිහෙක් එතනට ආවලු.පස්සේ අව කොට මිනිහා අනික් උන්ගේ ලොක්කළු

දැන් මුන් ඔක්කොම එකතුවෙලා අර මළමිනිය කන්න ගත්තලු අතපය ගලවනවලු මුණ කනවලු සාමාන්‍ය සතෙක් ගොදුරක් කනවා වගේ කනවලු
අර කියපු බාප්පා ගහ උද හොඳටම බයේ ඉන්නවලු, කොට මිනිස්සු මිනිය කල ඉවර වෙලා බඩ පිරිලා ගස් යටින් වැඩි වෙලා අයෙත් කතා කරනවලු.කියනේ දේවල් අපැහැදිලි උනාට මේ ගහ උඩ ඉන්න බාප්පට ඔක්කොම හොඳට ඇහෙනවාලු

එක පාරටම මේ බාප්පා දාගන උන්න හරක් හම් වලින් මහපු සෙරෙප්පුවක් කකුලෙන් ගැලවිලා බිමට වැටුනාලු ඊට පස්සේ අර කොට මිනිස්සු උඩ බැලුවම මේ මිනිහව දැක්කලු
ඔක්කොම ගහ යටට ඇවිත් දැන් මේ මිනිහව මරණ හැටි ප්ලැන් කරනවලු
මූ ගහ උඩ වෙව්ලනවලු

පස්සේ කිව්වලු ගහෙන් බැහැපන් මරන්නේ නෑ කියලා මූ බය වෙච්චපර උන්න ඇත්තෙන් පහල ඇත්තට වැටුනලු ඒ උනාට කොට මිනිස්සුන්ට තාමඅල්ලගන්න බැලූ
මූ යේ උඩට නැගල පස්සේ අර මිනිස්සු එක එක වෙස් අරගන ඇවිත් මුට ඇවිටිලි කරනවලු ගහෙන් බහින්න කියලා

මු නෙමේ බැහැල තියන්නේ
පස්සේ එළී වෙනකොට මේ කොට මිනිස්සු අතුරුදහන් උනළු
විශ්වාස කරහල්ල මේ මිනිහා නැගල ඉඳල තියන්නේ එයාගේ ගෙවල් පේන මානේ තියන ගහකට
මු ගහේ ඉනනව දැකල උදේ ගෙදර අය බහින්න කියල කිව්වම මු බෑ බෑ කියලා කෑ ගහනකොට පල්ලියේ ෆාදර් ඇවිත් වතුර ගහල බිමට අරගන තියන්නේ

මේ කතාව ඔක්කොම අහලා ගමේ මිනිස්සුන්ට හරි පුදුමයි ළු
දවල් මේ බාප්පා කිව්වලු මගේ යාලුවට/ජෝසප් ට වරෙන් යන්න අර කනත්තට කියලා පස්සේ මුන් දෙන්න ගිහින්

අර වළදාපු මිණිය හැරලා කවුරුහරි ගොඩට අරංලු
සත්තු මිනිය කාලලු

වැදගත්ම දේ තමයි අර කිව්වා හරක් හම් සෙරෙප්පුව ළඟ ගහක් මුල තිබ්බලු
මුන් සෙරෙප්පුව අරන් ගෙදර ඇවිත්

අද වෙනකම් දන්නේ නෑලු මොනවා උනාද එක සෙරෙප්පුවක් කොහොමද කනත්තට ගියේ , මිනියට මොකද උනේ කියලා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වනචාරී හොල්මනකගේ ගොදුරක් (Horror) වනචාරී හොල්මනකගේ ගොදුරක් (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2022 Rating: 5

0 comments:

Post a Comment