Hamadamath Lagin Song Lyrics - හැමදාමත් ලඟින් ගීතයේ පද පෙළ

Hamadamath Lagin Song Lyrics - හැමදාමත් ලඟින් ගීතයේ පද පෙළ
Song Title : Hamadamath Lagin (හැමදාමත් ලඟින්)
ගායනය : රූකාන්ත ගුණතිලක


හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

කුරුළු වෙසින් ඉගිල යන්න
තිසැල් අහස සිසාරන්න
ඔබ රිසි නම් කුරුල්ලන්ට
ගී කියන්න කවි ලියන්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න

සෙනෙහෙ සලන මලක් වෙන්න
මුළු ලොවටම සිනා දෙන්න
ඔබ රිසි නම් සමනලුන්ට
හාදු දෙන්න ඉඩ හරින්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න

හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamadamath Lagin Song Lyrics - හැමදාමත් ලඟින් ගීතයේ පද පෙළ Hamadamath Lagin Song Lyrics - හැමදාමත් ලඟින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2022 Rating: 5

0 comments:

Post a Comment