Your Choice Way

Hade Susumak Song Lyrics - හදේ සුසුමක් ගීතයේ පද පෙළ

Hade Susumak Song Lyrics - හදේ සුසුමක් ගීතයේ පද පෙළ
Song Title : Hade Susumak (හදේ සුසුමක්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : ඩී.ආර්. පීරිස්


හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනද
ආදරේ මඟ
දෙපස කරදර හමුනොවන්නේ

ගමේ පිපි මල
ගමේ තනිවී
මා නිසා නොවැ දුක් විඳින්නේ //
සුවඳ නැති මල් ඉරිසියාවෙන් //
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්
දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ

නීල අහසේ
සේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී //
ඈත පාවෙන වලාකුළ සේ //
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී
මගේ තනියට අසල ඉන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hade Susumak Song Lyrics - හදේ සුසුමක් ගීතයේ පද පෙළ Hade Susumak Song Lyrics - හදේ සුසුමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment