Gurulu Wes Dara Song Lyrics - ගුරුළු වෙස් දරා ගීතයේ පද පෙළ

Gurulu Wes Dara Song Lyrics - ගුරුළු වෙස් දරා ගීතයේ පද පෙළ
Song Title : Gurulu Wes Dara (ගුරුළු වෙස් දරා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1989 දී “නිම් තෙරක්” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා //

රෑ යාමේ සොර දෙටුවෝ මේ දහවල
වෙසතුරු සේ දන් දුන්නා නම්
මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ
කපුටන් සේ හඬ තැලුවා නම්
කුමට නොදුටු ඇසින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

ලද ඉසුරෙන් මොණරුන් සේ විළිබිය සිඳ
මහ සබ මැද රඟ දුන්නා නම්
බිව් මව් කිරි අමතක වී නැගි ඉණිමග
පා පහරින් බිම දැමුවා නම්
කුමට නිහඬ මුවින් සිටිනු යාළුවේ
අපට අපෙයි කියා ඉන්න තියෙන ලෝකයේ

ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳගන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gurulu Wes Dara Song Lyrics - ගුරුළු වෙස් දරා ගීතයේ පද පෙළ Gurulu Wes Dara Song Lyrics - ගුරුළු වෙස් දරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2022 Rating: 5

0 comments:

Post a Comment