Your Choice Way

අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya)

අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya) - Your Choice Way

දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි.දීපවංශය රචනාවී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය.මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිද මත තිබුනත් ⁣⁣ඓතිහාසික ගවේශකයෙකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රි ව 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි.වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ඝ විස්තරයක් කරයි.දීපවංශ ටීකාව යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී.

කතෘත්වය
දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය.

මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුද්න්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ජායනය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි.

මහාවංශය සමග
දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජ‍ය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරිස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ.

දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 11 ක් කැප කර ඇත.

දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ..

රටක හරි පුද්ගලයෙකුගෙ හරි පුද්ගලයන් පිරිසකගෙ හරි වස්තුවක හරි පරම්පරාගත කතාව විස්තර කරන ග්‍රන්ථ, “වංශ කතා” කියලා හදුන්වනවා. සාහිත්‍යය මූලාශ්‍ර අතර වංශ කතාවලට හිමි වෙන්නෙ නම් ගොඩක් සුවිශේෂී තැනක්. ඒ අතරිනුත් පාලියෙන් ලියලා, පස්සෙ කාලයක සිංහලයට පරිවර්තනය කරපු දීපවංශ​ය ගොඩක් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ දැනට ලංකා ඉතිහාසය ගැන ලියවුණු, අපේ රටේ ඉතිරි වෙලා තියෙන පොත්පත් අතරින් පැරණිතම ග්‍රන්ථය වෙන නිසා. ක්‍රිව 4 සහ 5 වන සියවස් අතර කාලයක ලිය වෙන දීපවංශයේ බොහෝමයක් කරුණු විශ්වාසදායක බව උගතුන්ගේ මතය වෙනවා.

දීපවංශයේ පරිච්ඡේද 22යි. මහා වංශයට වඩා ප්‍රමාණය අතින් ගොඩක් කුඩා වුණත්, අන්තර්ගත ගොඩක් කරුණු මහා වංශ​යෙන් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. කරුණු හොයා ගන්න භාවිතා කරපු මූලාශ්‍ර ගැන කිසිම සදහනක් නැති නිසා ජනප්‍රවාද, ජන කතා, විශ්වාස පදනම් කරගෙන ලිව්වා වෙන්නත් පුළුවන්.

බුදුන් වහන්සේගේ බුද්ධ චරිතය, විජයගේ සිට මහාසෙන් රාජ්‍ය සමය වෙනතෙක් රාජ නාමාවලිය සහ තොරොතුරු, මහා සම්මත රාජ වංශය, 1 වන ධර්ම සංගායනාව, පණ්ඩුවාසදේව රජුගේ පුතුන් දස දෙනාගෙ නම්, සංඝමිත්තා තෙරණියත් සමග වැඩම කරපු භික්ෂුණීන් වහන්සේලාගේ නම් දීපවංශයේ ඇතුළත් වෙනවා.

ඒ වුණාට දීපවංශයේ අඩු පාඩු නැහැයි කියලත් කියන්න බෑ. දීපවංශය ලියලා තියෙන්නෙ එක එක භාෂා ශෛලීන්ගෙන්. මේකෙ ගොඩක් ව්‍යරණ දුර්වලතා වගේම පුනරුක්ති දෝෂත් තියෙනවා. පුනරුක්ති දෝෂයක් කියන්නේ, එකම කරුණ කිහිප තැනක සදහන්වීමකට. මේ නිසා අපට නිගමනයකට එන්න පුළුවන්, මේක කිහිප දෙනෙක් විසින් වෙන වෙනම ලියලා, කොටස් එකට එක් කරලා සංග්‍රහයක් විදිහට එළි දක්වපු එකක් කියලා. ඒ වගේමයි නැවත කියවා බැලීමක් සිද්ධ කරලත් නෑ. විධිමත් සැලසුමකින් තොරවයි ලියලා තියෙන්නේ.

“රුවන්වැලි සෑය හා ලෝවමහා ප්‍රාසාදය ඉදි කරන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්” කියලා එක තැනක තිබුණත් තවත් තැනක “සද්ධාතිස්ස රජ්ජුරුවෝ ඉදි කළාය” කියලා සදහන් වෙනවා. මේක සංස්කරණය නොකරපු අවස්ථාවක්.

භික්ෂුණින් වහන්සේලා ගැන මේ ග්‍රන්ථයේ වැඩි වශයෙන් කරුණු තියෙන නිසා, භික්ෂුණින් වහන්සේලා කණ්ඩායමක් විසින් දීපවංශය රචනා කළා කියලත් අප්‍රකට මතයක් ගොඩ නැගී ගෙන යනවා. කෙසේ හෝ වේවා ලංකාවේ ඓතිහාසික තොරතුරු ගවේෂණයේදී වංශ කතා අතරින් ලියවුණු පළවෙනි වංශ කතාව “දීප වංශය” කියලා සදහන් කරන්න පුළුවන්...

..............අන්තර්ජාලය ඇසුරෙනි.................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya) - Your Choice Way

අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya) - Your Choice Way

අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya) අපේ පුරාණ ඉතිහාසය සඳහන් දීපවංශය (Deepawanshaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, March 24, 2022 Rating: 5

0 comments:

Post a Comment