වර්තමාන ඉහළම වටිනාකමින් යුත් සමාගම් 20කට වඩා වැඩි වටිනාකමක් තිබූ ඉතිහාසයේ ධනවත්ම සමාගම (VOC)

වර්තමාන ඉහළම වටිනාකමින් යුත් සමාගම් 20කට වඩා වැඩි වටිනාකමක් තිබූ ඉතිහාසයේ ධනවත්ම සමාගම (VOC) - Your Choice Way

17 වන සියවස යුරෝපීය යටත් විජිතවාදයේ ස්වර්ණමය යුගය විය.  ලෝක ඉතිහාසයේ විශාලතම සමාගම් සමහරක් මෙම කාල පරිච්ඡේදය තුළ නිර්මාණය වූ අතර එම සමාගම් වර්තමාන සුපිරි සමාගම් සමග සන්සන්දනය කළ හොත් වර්තමාන සමාගම් ලිලිපුට්ටන් බවට පත් කිරීමට එම සමාගම් වලට හැකි විය. මෙම සමාගම් ලද විශාල ආදායම් නිසා එම සමාගම් සමහරකට ස්වයං පාලනයක් හිමිව තිබූ අතර ඒවා නිර්මාණය කළ රටේ අධිකාරියට පිටින් ක්‍රියා කිරීමට ඔවුනට හැකි විය.

සිතාගත නොහැකි තරම් ධනයක් රැස් කරගත් සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම එක්සත් රාජධානියට ස්වර්ණමය යුගයක් ගෙන එන ලදී. එසේ වුවද ඔවුන් ලද ආදායම් මට්ටම් 'ලන්දේසි නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගම' ලද ආදායමට ළගා වීමට නොහැකි වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම (VOC) යනු ලන්දේසි රජය විසින් පිහිටුවන ලද මහා සමාගමක් වූ අතර තරඟකාරී සමාගම් කිහිපයක් ඒකාබද්ධ කොට මෙය ගොඩනගන ලදී. එමගින් රජය බලාපොරොත්තු වූයේ එක් සමාගමක් විසින් අධික ලාභ ලැබීම මැඩ පැවැත්වීම සහ තරගය අඩු කිරීමයි.

මෙම ඒකාබද්ධ කිරීමෙන් පසුව VOC විසින් ලොව ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කරන ලද පළමු සමාගම බවට පත්වූ අතර එමඟින් කොටස් මිලදී ගැනීමට මහජනයාට ඉඩ සලසා දෙන ලදී. බොහෝ දෙනා මෙම සිදුවීම ගෝලීයකරණයේ ආරම්භය ලෙස හඳුන්වන අතර පොදු සමාගම්වල වර්තමාන ආකෘතියේ උපත ඒ සමග සිදු විය.

VOC විසින් ලොව පුරා වෙළඳාම් කටයුතු සිදු කළ අතර ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් දූපත් වලට සහ ඈත පෙරදිග අනෙකුත් ලන්දේසීන්ට අයත් ප්‍රදේශ කෙරෙහිය. නැඟෙනහිර කොදෙව් දූපත් වල සිට යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඔවුන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රධාන වරායන් ලෙස බටේවියාව සහ කේප් ටවුන් භාවිතා කරන ලදී. 

VOC එහි උච්චතම අවස්ථාව වන විට ඩොලර් ට්‍රිලියන 7.8ක (වර්තමාන වටිනාකමට අනුව) වටිනාකමකට ළඟා වූ අතර එය ඇපල් සමාගමේ වර්තමාන වටිනාකමට වඩා අට ගුණයකටත් වඩා වැඩිය. එමෙන්ම VOC විසින් අන්තර්ජාතික ඒකාධිකාරයක් ගොඩනඟා ගත් අතර බොහෝ සමාගම් ඔවුන්ගේ නැව් තැනීමේ සේවා, ප්‍රවාහන හා ගෘහ නිර්මාණ සේවා මත විශ්වාසය තබා ඔවුන් සමග ඒකාබද්ධව කටයුතු කිරීමට පෙලඹෙන ලදී. එබඳු විශාල බලයක් සහිත වීම හේතුවෙන් ලන්දේසීන්ට දේශපාලනික හා ආර්ථික වශයෙන් ලොව පුරා රටවලට බලපෑම් කිරීමට ද හැකි විය.

එමෙන්ම යුරෝපයේ සොයාගත නොහැකි හෝ වෙනත් රටක වඩාත් ලාභදායී ලෙස නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ඔවුන් විසින් දැවැන්ත ලාභයක් තබා ගෙන විකුණූ අතර එමගින් ලන්දේසි ආර්ථිකය ඉතා ශක්තිමත් විය. එයත් සමගම ලන්දේසි වරායන් ඈත පෙරදිග සිට විදේශීය ද්‍රව්‍ය යුරෝපයට ගෙන එන දොරටුව බවට පත්විය.

විශාල සමාගම් විසින් ආධිපත්‍යය දරන යුගයක ජීවත් වන අප ඉතිහාසය දෙස ආපසු හැරී බැලීම සැමවිටම වැදගත් වේ. යුරෝපීය බලවතුන් විසින් යටත් විජිතකරණ යුගයේ දී ලබාගත් ධනය කෙතරම්දැයි වර්තමානයේ බොහෝ දෙනෙකු නිසි පරිදි දැනුවත් නැත. වර්තමානයේ ඔවුන්ගේ දියුණුවට අඩිතාලම වැටී ඇත්තේ ඔවුන් විසින් වෙනත් රටවලින් සූරා ගත් මේ මහා ධනයයි.

වර්තමාන ඉහළම වටිනාකමින් යුත් සමාගම් 20කට වඩා වැඩි වටිනාකමක් තිබූ ඉතිහාසයේ ධනවත්ම සමාගම (VOC) - Your Choice Way
ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමේ වෙළඳ ජාලය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වර්තමාන ඉහළම වටිනාකමින් යුත් සමාගම් 20කට වඩා වැඩි වටිනාකමක් තිබූ ඉතිහාසයේ ධනවත්ම සමාගම (VOC) වර්තමාන ඉහළම වටිනාකමින් යුත් සමාගම් 20කට වඩා වැඩි වටිනාකමක් තිබූ ඉතිහාසයේ ධනවත්ම සමාගම (VOC) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment