Pahan Dorin Dorin Dorata Song Lyrics - පහන් දොරින් දොරින් දොරට ගීතයේ පද පෙළ

Pahan Dorin Dorin Dorata Song Lyrics - පහන් දොරින් දොරින් දොරට ගීතයේ පද පෙළ
Song Title : Pahan Dorin Dorin Dorata (පහන් දොරින් දොරින් දොරට)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


පහන් දොරින් දොරින් දොරට
පහන් දොරින් දොරින් දොරට
පින් සිරිකත වැඩමවන්න

ඉතින් සබඳ උදාසණේ
ඉතින් සබඳ උදාසණේ
නිදි දැහැනින් අවදිවන්න

අප මහ බෝසත් පොරණේ
දීපංකර පා සෙවණේ

විවරණ ලත් එ අනුහසින්
නිදි දැහැනින් අවදි වන්න
බුද්ධ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න

බරණැස්පුර ඉසිපතනේ
ගෞතම මුණිඳුන් එ දිනේ
දෙසු දම්සක් දහම් බෙලෙන්
නිදි දැහැනින් අවදි වන්න
ධම්ම රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදි වන්න

සැරියුත් මුගලන් නමිනේ
මහ සඟගණ පිළිවෙළිනේ
සසුන සුරැකි අනුහසයෙන්
නිදි දැහැනින් අවදි වන්න
සංඝ රත්නයේ සරණයි
ඉතින් සබඳ අවදිවන්න

පහන් දොරින් දොරින් දොරට
පහන් දොරින් දොරින් දොරට
පින් සිරිකත වැඩමවන්න

ඉතින් සබඳ උදාසණේ
ඉතින් සබඳ උදාසණේ
නිදි දැහැනින් අවදිවන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pahan Dorin Dorin Dorata Song Lyrics - පහන් දොරින් දොරින් දොරට ගීතයේ පද පෙළ Pahan Dorin Dorin Dorata Song Lyrics - පහන් දොරින් දොරින් දොරට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment