Mangala Maldama Song Lyrics - මංගල මල්දම ගීතයේ පද පෙළ

Mangala Maldama Song Lyrics - මංගල මල්දම ගීතයේ පද පෙළ

Mangala Maldama Song Lyrics - මංගල මල්දම ගීතයේ පද පෙළ
Song Title : Mangala Maldama (මංගල මල්දම)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ සිසිර සේනාරත්න
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


මංගල මල්දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ලඳේ වතමන කල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම

මංගල මල්දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම

කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවැයි කීවා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල්සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය
දිව්ය කුමාරිය
මට මොටද ළඳේ ඇත්නම්
ඔබ දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන් පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු සිනාවයි
දෑස ඉනාවයි
වත සුවඳ කොකුම් බිඟු රොන්
හද ගීත ලතාවයි

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වතමන කල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලළිත පෙම

මුකුළු පෙම
ලලිත පෙම
මුකුළු පෙම
ලලිත පෙම
මුකුළු පෙම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mangala Maldama Song Lyrics - මංගල මල්දම ගීතයේ පද පෙළ Mangala Maldama Song Lyrics - මංගල මල්දම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment