කොල්ලු (Kollu - Dolichos Biflorus)

කොල්ලු (Kollu - Dolichos Biflorus) - Your Choice Way

🌿 මෙය වාර්ෂික ශාකයකි. තරමක් සෘජු අඩි 2-3 අතර උසැති කඳක් ඇත. ඇතැම් විට එය ආධාරකයක් මත එතී ඉහළට නගී.

🌿 ශාකයේ පත්‍ර පක්ෂවත්ය. ත්‍රිපත්‍රීය. පත්‍රිකා සෙ.මි. 5 ක් පමණ දිගය. ආයතය. පත්‍ර කක්ෂවල පත්‍ර 1 ක් 2 ක් හෝ 3 ක් ඇත. නිපත්‍ර ලන්සා කාරය.

🌿 පුෂ්ප මනිය ම්.මි. 5 ක් පමණ දිගැතිය. පරාගධානි ඒකාකාරය.

🌿 ඩිම්බ කොෂ උත්තරය. ඩිම්බ රාශියක් ඇත. කීලය සූත්‍රාකාරය. කලංකය අග්‍රස්ථය. ඵලය රනිලයකි. එය සාමාන්‍යයෙන් සෙ.මි. 7 1/2 පමණ දිගැතිය. එහි හැඩය වකුටු කඩුපතක් වැනිය. එක කරලක බීජ 6-7 ක් ඇත. ඒවා වෘක්කාකාරයි. බීජ අළු පැහැතිය.

🌿 ඇතැම් විට රතු පාටට හුරු දුඹුරු පාට විය හැකිය. බොහෝ ආසියාතික රටවල ජනයා කොල්ලු භාවිතා කරයි.

🌿 මිනිස්ආහාරයක් සත්ව ආහාරයක් හා ඖෂධයක් වශයෙන් එය භාවිතයට ගැනේ.

🌿 කොල්ලු Fabaceae කුලයට අයත් ශාකයකි.

ඖෂධීය වටිනාකම
🌿 කොල්ලු කටුකය, ඌෂ්ණය, කහට ගතියෙන් යුතුය, ඇසට හිතකරය, මල ඝන කරයි. වණ සුව කරයි.

🌿 කිපුන සෙම, ශූක්‍ර හා වාත නසයි. හුස්ම ගැනීමේ අපහසුතා, ඉක්කා හා අර්ශස්ආදියෙන් පෙළෙන රෝගීන්ට හිතකරය.

🌿 මුත්‍රාශයේ ගල්, ප්ලීහා රෝග හා පීනස පහ කරයි. වල් කොල්ලු අර්ශස්, ඉක්කා හා ශ්වාස නසයි.

🌿 රත් පිත ඇති කෙරේ. අර්ශස්, කෘමි රෝග හා ගණ්ඩමාල ආදී රෝගයනට ප්‍රතිකාර සඳහා තනනු ලබන ඖෂධවලට කොල්ලු එක්කර ගැ නේ.

🌿 මෙරට ජනතාව ආදියේ සිටම කොල්ලු හා සුදු ළුෑණු තම්බා බීමෙන් වාත රෝගවලින් සුවය ලැබීමට පුරුදුව උන්හ.

“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්
කොල්ලු (Kollu - Dolichos Biflorus) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොල්ලු (Kollu - Dolichos Biflorus) කොල්ලු (Kollu - Dolichos Biflorus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment