Aetha Sithijaye Song Lyrics - ඈත සිතිජයේ ගීතයේ පද පෙළ

Aetha Sithijaye Song Lyrics - ඈත සිතිජයේ ගීතයේ පද පෙළ
Song Title : Aetha Sithijaye (ඈත සිතිජයේ)
ගායනය : ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
ගී පද : ෂර්ලි වෛජයන්ත


ඈත සිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරිය ඔබ මාගේ

සඳලු තලාවේ මුනින් තලාවේ
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරියේ ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්

මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණු කුසුම ඔබ නම්
සඳ මඩලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකින්නම්
මම ඔබ සුරකින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aetha Sithijaye Song Lyrics - ඈත සිතිජයේ ගීතයේ පද පෙළ Aetha Sithijaye Song Lyrics - ඈත සිතිජයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 12, 2022 Rating: 5

0 comments:

Post a Comment