Guru Gedara Paluyi Song Lyrics - ගුරු ගෙදර පාළුයි ගීතයේ පද පෙළ

Guru Gedara Paluyi Song Lyrics - ගුරු ගෙදර පාළුයි ගීතයේ පද පෙළ
Song Title : Guru Gedara Paluyi (ගුරු ගෙදර පාළුයි)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ගුරු ගෙදර පාළුයි
ඔබෙන්‍ වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගුරු ගෙදර පාළුයි

මියුරු පිවිතුරු සෙනේ විඳ විඳ
අකුරු කරමින් එක්ව හිඳ හිඳ
එදා දුන් හිරිමල් හිනා - අද
ඔබට අමතකදෝ

ගුරු ගෙදර පාළුයි
ඔබෙන්‍ වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගුරු ගෙදර පාළුයි

හීන් දෙවටේ පිපී නැළවුණු
එකම මධු මල පරවුණාදෝ
සිහින පියසේ සුවඳ විලසේ
මිරිගුවක් වීදෝ

ගුරු ගෙදර පාළුයි
ඔබෙන්‍ වෙන්වුණු මගේ සිත මෙන්
අසරණයි අඳුරුයි පාළුයි
ගුරු ගෙදර පාළුයි
ගුරු ගෙදර පාළුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Guru Gedara Paluyi Song Lyrics - ගුරු ගෙදර පාළුයි ගීතයේ පද පෙළ Guru Gedara Paluyi Song Lyrics - ගුරු ගෙදර පාළුයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment