Gimhanaye Pawasin Hadu Song Lyrics - ගිම්හානයේ පවසින් හැඬූ ගීතයේ පද පෙළ

Gimhanaye Pawasin Hadu Song Lyrics - ගිම්හානයේ පවසින් හැඬූ ගීතයේ පද පෙළ
Song Title : Gimhanaye Pawasin Hadu (ගිම්හානයේ පවසින් හැඬූ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ සුගත් සමරසිංහ
පද රචනය : ජගත් ගාමිණී මාවතගම
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


ගිම්හානයේ පවසින් හැඬූ
ළබැඳිනි මියුලේ නුඹයි කව් සිළුමිණේ
ඇස බඳුන පුරවා කඳුළැල් ගෙනා
වෙහෙළිඳු ඔබයි මගෙ හිමියණේ

තුඟු රුසිරු විල කළඹා
නොසොයන්න වසත් කල් අසිරී //
පිය සටහන් නොතියා බැස යන
පුර සඳක් දෝ යෞවනේ

ගිම්හානයේ පවසින් හැඬූ
ළබැඳිනි මියුලේ නුඹයි කව් සිළුමිණේ
ඇස බඳුන පුරවා කඳුළැල් ගෙනා
වෙහෙළිඳු ඔබයි මගෙ හිමියණේ

දිගු සසර ඝණ අඳුරේ
හමුවෙන්න යළිත් පිය මියුලේ //
ඔබ සුවඳින් සනහා පරවෙන
මම මලක් වෙමි හිමියණේ

ගිම්හානයේ පවසින් හැඬූ
ළබැඳිනි මියුලේ නුඹයි කව් සිළුමිණේ
ඇස බඳුන පුරවා කඳුළැල් ගෙනා
වෙහෙළිඳු ඔබයි මගෙ හිමියණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gimhanaye Pawasin Hadu Song Lyrics - ගිම්හානයේ පවසින් හැඬූ ගීතයේ පද පෙළ Gimhanaye Pawasin Hadu Song Lyrics - ගිම්හානයේ පවසින් හැඬූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment