Pera Pin Paldi Song Lyrics - පෙර පින් පලදී ගීතයේ පද පෙළ

Pera Pin Paldi Song Lyrics - පෙර පින් පලදී ගීතයේ පද පෙළ
Song Title : Pera Pin Paldi (පෙර පින් පලදී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහින්ද දිසානායක
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

රොන්සුණු ඉහලා පියවිලි එළලා
රන් මාවත සදලා
තනිව යන්න නම් මේ මල් යායේ
කුමටද ඉඩ ලැබිලා

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

ඇළ දොළ පිරිලා තුරුලිය පිපිලා
පලු පල මල් දරලා
තනිව ඉන්න නම් වසන්ත කාලය
කුමටද උදා වෙලා

පෙර පින් පලදී මෙදියත ඉපදී
මිනිසත් බව හිමිවී
දිවි මග තනිවී ඔබ ගැන සිහිවී
පැතුම් කැකුළු පූදී
පැතුම් කැකුළු පූදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pera Pin Paldi Song Lyrics - පෙර පින් පලදී ගීතයේ පද පෙළ Pera Pin Paldi Song Lyrics - පෙර පින් පලදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment