Ayata Pamani Mama Adare Song Lyrics - ඇයට පමණි මම ආදරේ ගීතයේ පද පෙළ

Ayata Pamani Mama Adare Song Lyrics - ඇයට පමණි මම ආදරේ ගීතයේ පද පෙළ

Ayata Pamani Mama Adare Song Lyrics - ඇයට පමණි මම ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ayata Pamani Mama Adare (ඇයට පමණි මම ආදරේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඇයගේ ඇකයෙහි
ඔබ හිස රඳවා
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දු‍ටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල
නිදි වැරු තොල් මල
දසැඟිලි තුඩු අග
පිබිදුණු රනහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ

ඇගේ සුරත ගෙන
පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව
ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට
පෙම් කරණා බව
ඇය මුමුණන සඳ
ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ

ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayata Pamani Mama Adare Song Lyrics - ඇයට පමණි මම ආදරේ ගීතයේ පද පෙළ Ayata Pamani Mama Adare Song Lyrics - ඇයට පමණි මම ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment