Ase Mathuwena Song Lyrics - ඇසේ මතුවෙන ගීතයේ පද පෙළ

Ase Mathuwena Song Lyrics - ඇසේ මතුවෙන ගීතයේ පද පෙළ
Song Title : Ase Mathuwena (ඇසේ මතුවෙන)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම් //

කෙළෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ //

සොයා ආවෙමි පොලෝ තලයේ //
අනේ පිහිටක් නොමැති වූ විට

ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ බුදු බඳ //

මගේ නෙත සිත මෝහනය කර//
මගේ කුදු බව පසක් කර ඇත

ඇසේ මතුවෙන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ase Mathuwena Song Lyrics - ඇසේ මතුවෙන ගීතයේ පද පෙළ Ase Mathuwena Song Lyrics - ඇසේ මතුවෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2022 Rating: 5

0 comments:

Post a Comment