Ama Gagak Galala Song Lyrics - අමා ගඟක් ගලාලා ගීතයේ පද පෙළ

Ama Gagak Galala Song Lyrics - අමා ගඟක් ගලාලා ගීතයේ පද පෙළ
Song Title : Ama Gagak Galala (අමා ගඟක් ගලාලා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : දයා ද ෆොන්සේකා
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අමා ගඟක් ගලාලා
පොළෝ තලේ තෙමීලා
දුක් ගිණි දැල් නිවී නිවී
සිත් සැනහෙනවා
සිත් සැනහෙනවා //

ඝණ මොහඳුර පළාලා
නැණ හිරු එයි නැගීලා //
නුවන් පිරී නැණ එළියෙන්
නෙත් හිනැහෙනවා
නෙත් හිනැහෙනවා

අමා ගඟක් ගලාලා
පොළෝ තලේ තෙමීලා
දුක් ගිණි දැල් නිවී නිවී
සිත් සැනහෙනවා
සිත් සැනහෙනවා

මෙත් පිණි දිය ඉසීලා
සක්වල මල් පිපීලා //
ඒ ලොව්තුරු සුවඳ ගඟේ
සත කිමිදෙනවා
සත කිමිදෙනවා

අමා ගඟක් ගලාලා
පොළෝ තලේ තෙමීලා
දුක් ගිණි දැල් නිවී නිවී
සිත් සැනහෙනවා
සිත් සැනහෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ama Gagak Galala Song Lyrics - අමා ගඟක් ගලාලා ගීතයේ පද පෙළ Ama Gagak Galala Song Lyrics - අමා ගඟක් ගලාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment