Song Title : Adawab Wu (අඩවන් වූ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ඩබ්.ඒ. අබේසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා //
තෙමා තෙමා හද ගලා ගලායන
ලොවු තුරු ගුණ මහිමේ //
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා
පිරීතිරී යන මහවතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ බව කතරේ
නිවන් සදාලන බුදු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ //
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා //
0 comments:
Post a Comment