Aaron Maamaa Song Lyrics - ආරොන් මාමා ගීතයේ පද පෙළ

Aaron Maamaa Song Lyrics - ආරොන් මාමා ගීතයේ පද පෙළ
Song Title : Aaron Maamaa (ආරොන් මාමා)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
සංගීතය : ෂෙල්ටන් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ආරොන් මාමා

ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

ආරොන් මාමා

රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා
මිනිහ දඬු පඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා
ජර මර සද්දෙට කණ දීගෙන උන්නා

ආරොන් මාමා

ගහපිය මරපිය ඔළුවට කොටපිය පාළි සංස්කෘත කිව්වා
සාතන් අප්පුගෙ කොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නැහැනේ මිනිහෙක් මැරුවා වාගෙයිනේ
මුළු ගමටම අණබෙර ගහමින් දිව්වා

ආරොන් මාමා

සාතන් අප්පූ මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලූවා

ආරොන් මාමා

කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා
ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා

ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

ආරොන් මාමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aaron Maamaa Song Lyrics - ආරොන් මාමා ගීතයේ පද පෙළ Aaron Maamaa Song Lyrics - ආරොන් මාමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment