Wiaga Thudin Song Lyrics - විහඟ තුඩින් ගීතයේ පද පෙළ

Wiaga Thudin Song Lyrics - විහඟ තුඩින් ගීතයේ පද පෙළ

Wiaga Thudin Song Lyrics - විහඟ තුඩින් ගීතයේ පද පෙළ
Song Title : Wiaga Thudin (විහඟ තුඩින්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිරෝෂා විරාජිනී
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ස්ටැන්ලි පීරිස්


විහඟ තුඩින් කුරවීත නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ථ ප්‍රේමාදරයේ

නේක වර්ණා මල් රේණු උරණා බමරින්දූ
අපට ගයනවලු බිඟු මිහිදැල් ගී සින්දු
දහසක් මල් පිබිදී ඇත ප්‍රාර්ථනාවෙන්
පර නොවී රැඳේවා එකම මලක් හෝ
මා තුටු කඳුළින් දෙපා දොවා අපි පූජා කරනාවූ
ප්‍රේමයේ උතුම් නාමයෙන්

විහඟ තුඩින් කුරවීත නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ථ ප්‍රේමාදරයේ

නිම් නැති සංසාරේ තනි මා සරණා හිම අරණේ
ඔබ පැමිණේවා හිම කුමරී සොයනා කුමරුන් සේ
දෙවියන් කොතැනද අපි යමු එතැනට එදිනේ
සමු ගැනුම් නොවේවා මතු මතු ජන්මේ
සයුරු දෙරණ නිල් අහස පුරා
පෙම් චාමර සළනා
නින්නාද දී ඇසේවා

විහඟ තුඩින් කුරවීත නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ත ප්‍රේමාදරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiaga Thudin Song Lyrics - විහඟ තුඩින් ගීතයේ පද පෙළ Wiaga Thudin Song Lyrics - විහඟ තුඩින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment