Vilangu Malaya Song Lyrics - විලංගු මාලය ගීතයේ පද පෙළ

Vilangu Malaya Song Lyrics - විලංගු මාලය ගීතයේ පද පෙළ
Song Title : Vilangu Malaya (විලංගු මාලය)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : අමරසේන කංකානම්ගේ
තනුව : රෝහණ වීරසිංහ


විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

උන්ගේ නිල තල නම්බු රකින්නලු
උඹ පොඩි කාලෙම ගෙනත් තියෙන්නේ
අපි දෙන්නම වහලුන් බව නොදැනලු
දෙපිල බෙදීගෙන පොර අල්ලන්නේ

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

තනි නොතනියකට උඹ ළඟ හිටි මට
ආඩම්බර ඇයිදෝ පෙන්වන්නේ
අප මිය ගිය මුත් පන්සල් වල නම්
පෝය හඳට යන පෙරහර යන්නේ

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Vilangu Malaya Song Lyrics - විලංගු මාලය ගීතයේ පද පෙළ Vilangu Malaya Song Lyrics - විලංගු මාලය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment