සෝයා කිරි හදමු (Soya Milk) 🥛🥛 👌

සෝයා කිරි හදමු (Soya Milk) 🥛🥛 👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සෝයා ඇට ග්‍රෑම් 250
  • සීනි රස අනුව
  • ලුණු තේ හැඳි 3/4
  • වැනිලා ස්වල්පයක් 
  • වතුර බෝතල් 2 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම සෝයා බීන්ස් පැය 12 ක් විතර හොඳට පෙඟෙන්න දාන්න.මම නම් රැයක් පුරා දාල තියල උදේ තමයි හැදුවෙ.
  2. ♦️ ඊළඟට වතුර අයින් කරල නෑඹිලියක දාල අතින් හොඳට අතුල්ලා සෝදන්න.සෝයා ඇට වල තියන සිවිය වගේ කොටස ඉවත් වෙන්න සෝදා හරින්න.දෙතුන් පාරක් සෝදා හරින්න.
  3. ♦️ දැන් සෝයා ඇට ටික බ්ලෙන්ඩරයකට දාල වතුර කෝප්ප 2 ක් වගේ දාල හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
  4. ♦️ පසුව ඒ ටික කිරි ගොට්ටකට දාල පෙරා ගන්න.නැවතත් ඒ රොඩු වගේ ටිකට නැවත වතුර කෝප්ප දෙකක් දාල බ්ලෙන්ඩ් කරල පෙරා ගන්න.තුන් වතාවක් මෙසේ කරන්න.
  5. ♦️ අන්තිමට පෙරා ගත් කිරි ටික පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් හොඳට පෙරා ගන්න.
  6. ♦️ හොඳට ඉඩ ඇති භාජනයක් ලිප තබා පෙරා ගත් සෝයා කිරි ටික සහ ඉතිරි වතුර එකතු කරල ලුණු ස්වල්පයක් එකතු කරල මද ගින්නේ හැඳිගාමින් උණු කරන්න.විනාඩි 20 ක් වගේ නටන තෙක් උණු කරන්න.
  7. ♦️ පසුව ලිපෙන් බාල වැනිලා සහ සීනි එකතු කරල නිවෙන්න තියන්න.යොදය අයින් කරන්න.

🔴 අවශ්‍යයි නම් උණුවෙන් බොන්නත් පුළුවන්.නමුත් මම නම් කූල් කරල තමයි බොන්නෙ.ඒ වගේම ඕන නම් චොකලට් පවුඩර් නැත්නම් චොකලට් ශිරප් ටිකක් එකතු කරල චොකලට් රසට හෝ ස්ටෝබෙරි රසට හදාගන්නත් පුළුවන්.

🔴 පැය දෙකක් විතර කූල් කරල හොදට බෝතලය සොලවන්න.නැත්නම් කවලම් කරල පානය කරන්න.ඇත්තටම පුදුම රසයි.අනික හරිම ගුණයි වගේම හරිම ලාභදායි ලෙස පහසුවෙන් හදා ගන්නත් පුළුවන්.

🔴 ඒ වගේම මේ සෝයා කිරි වලින් අයිස් ක්‍රීම් සෝයා ටෝෆු වගේ තව ගොඩක් දේවල් හදා ගන්නත් පුළුවන්.

🔴🔴 අපි පොඩ්ඩක් සෝයා කිරි වල ගුණය ගැන පොඩ්ඩක් කතා කරමුකො.සෝයා කිරි කියන්නෙ ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇති පානයක්.සෝයා කිරි වල  තයමින්, ෆෝලේට්, රයිබොෆ්ලැවින්, විටමින් ඩී, ඊ සහ කේ වැනි විටමින් අඩංගුයි. සෝයා කිරි අඩු මේද, කොලෙස්ටරෝල් රහිත සහ සෝඩියම් අඩුයි. ලැක්ටෝස් අඩංගු නොවේ.මෙන්න මේ නිසා 

ලැක්ටෝස් අසාත්මික වන (lactose intolerant) දරුවන්ට ලබා දෙයි.
❎❎ නමුත් අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ට නම් සෝයා කිරි නිර්දේශ කරන්නෙ නෑ.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සෝයා කිරි හදමු (Soya Milk) 🥛🥛 👌 සෝයා කිරි හදමු (Soya Milk) 🥛🥛 👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment