Stage Hits Medley Song Lyrics - Stage Hits Medley ගීතයේ පද පෙළ

Stage Hits Medley Song Lyrics - Stage Hits Medley ගීතයේ පද පෙළ
Song Title : Stage Hits Medley
Sarith Surith and the News Live at SLT Fusion Youth Night 
Stage Hits Medley : Ae Neela Warala Peerala | Akase Wala Pelin | Tarahen Ahaka Bala | Aravinda Yaya Peera | Gele Ran Mala Da
Live mix : Eranda Lakmal Basnayaka
Live track Mixed & Mastered by Vihara Hettiwatta 


ඈ නීල වරල පිරලා
ඈ යන ගමන හැඩ වේලා
ගම්මානේ මිහිරියාව
ගමම එළි කලා
පුන් සද රැස්‌ කැලුම් හෙලා
ඈ සුර දෙවොලියක්‌ වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි
සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි

වසන්ත සමය ලං වෙලා
කෝකිල නදින් මත්වේලා
සිසිල් සුළන් යාවි පාවේලා
දග උකුලුල් උකුල සල සලා
ඈ යන්නේ මග හිනහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ
කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි
සුරංගනාවි සුරංගනාවි
සුපෙම් බරාවි
ගම්බද විලාසිතාවි

ආකාසේ වළා පෙළින් ඈත එහා කොදෙව්වේ
ආකාසේ වළා පෙළින් ඈත එහා කොදෙව්වේ
ඔබ හා මා රැඳී ඉන්න එන්න සීත දනව්වේ
අසා මගේ ගී රාවේ රසේ මවාලා
ඔබ ගයාවී මේ ගී තාලේ සිනා සලාලා
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී
සිහිල් පවන් හමාවී
නැවුම් සුගන්දයක් දී
දේදුන්නේ පාටට ළංවී
අවුල් තැවුල් නිමාවී
නිමේෂයක් හිඳීවී
ආදරයෙන් දෑත් බැඳේවී
ජීවිතයේ සුන්දර දවසක හමුවීලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

ආරාධනා කළා
සත්සර ගලා ගියා
සතුටින් ගයා රගා ඔබත් සිතින් උදම් වෙලා

පෙම් හසරැල් සඟවන් මුහුණේ
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැඳිලා රහසේ

ඩිංගක් විහිළු කලා
ඇයි මේ තරහා වෙලා
තරහෙන් අහක බලා
ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යළි හමුවී
ඔබ මා සනසනවා

දෙනුවන් කැල්ම හෙලා
ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැඳිලා
තව ආදරේ වෙනවා

අරවින්ද යාය පීරා පොද මන්ද මාරුතේ
කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ
කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ
සරල සුගම ආලේ මේ භද්‍ර යෙෳවනේ

බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ
බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ

රැන්දු සිනා සඳ වගෙ මුහුණේ
දැක්කාම හිත බැදුනේ
පෙන්නා අගේ හද රැදි සෙනෙහේ
ඉන්නම් බැදී එක සේ
නැතේ දායාද ඕනේ කිසිදාක නෝනෙ
ඔය දෑත හිමි වේ නම්
සුදු නෑනා මාගේ කරකාර බැදගෙන
පනවාගෙ රැකගන්නම්
මගේ පනවාගේ රැකගන්නම්

ගෙලේ රන් මාල දා හැඩ වී
කනේ රන් තෝඩු දා සැරසී
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ
මගේ මනමාලි වී නුබ කවදාද මා වෙත
එන්නෙ කියන් මැණිකෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Stage Hits Medley Song Lyrics - Stage Hits Medley ගීතයේ පද පෙළ Stage Hits Medley Song Lyrics - Stage Hits Medley ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment