මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya)

මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya) - Your Choice Way

මහා මායා ශිෂ්ටාචාරයේ වර්ධනය වූ කලී එහි අතුරුදහන් වීම තරම්ම අභිරහසකි. වර්තමාන මෙක්සිකෝව, බෙලීස්, ග්වාතමාලාව, එල් සැල්වදෝරය සහ හොන්ඩුරාස් යන ප්‍රදේශවල ජීවත් වූ පුරාණ මායාවරුන් බටහිර අර්ධගෝලයේ ජීවත් වූ වඩාත් නවීන හා සංකීර්ණ ශිෂ්ටාචාරයයන්ගෙන් එකක් විය. ක්‍රි.ව.300 ත් 900ත් අතර කාලයේ තාරකා විද්‍යාව, කෘෂිකර්මාන්තය, ඉංජිනේරු විද්‍යාව සහ සන්නිවේදනය යන අංශයන්හි විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට මායාවරුන් සමත් වී ඇත.

මායා ශිෂ්ඨාචාරය වසර 2,000 කට වඩා වැඩි කාලයක් පැවතුන නමුත් "ක්ලැසික් කාල පරිච්ඡේදය" ලෙස හැඳින්වෙන ක්‍රි.ව.300 සිට 900 දක්වා කාලය ඔවුන්ගේ දියුණුවේ උච්චතම අවස්ථාව විය. එම කාලය තුළදී මායාවරුන් තාරකා විද්‍යාව පිළිබඳ සංකීර්ණ අවබෝධයක් ලබා ගන්නා ලදී.  ගොවිතැන් කිරීමට සුදුසු හා නුසුදුසු ස්ථාන තෝරා ගැනීමටද ඔවුනට දැනුමක් තිබුනි. එමෙන්ම නවීන යන්ත්‍රෝපකරණ නොමැතිව විස්තීර්ණ නගර ගොඩනැගීම, ලෝකයේ පළමු ලිඛිත භාෂාවක් භාවිතා කරමින් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීම  සහ සංකීර්ණ දින දර්ශන පද්ධති එකක් නොව දෙකක් භාවිතා කරමින් කාලය මැනීම වැනි ඉතා දියුණු තාක්ෂණයන් වලින් ඔවුන් සන්නද්ධ වී සිටියහ.

මායාවරුන් දැඩි ලෙස විශ්වාස කළේ විශ්වයේ බලපෑම ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බවයි.  එහි ප්‍රතිඵලයක් ලෙස ආකාශ වස්තූන් පිළිබඳ අවබෝධය ඔවුන්ගේ කාලය තුළදී ඉතා දියුණු විය. නිදසුනක් ලෙස, සූර්යග්‍රහණයන් පුරෝකථනය කරන්නේ කෙසේදැයි ඔවුන් දැන සිටියහ.  රෝපණය හා අස්වනු නෙලීම සඳහා ඔවුන් ජ්‍යෝතිෂ චක්‍ර භාවිතා කළ අතර අද අප භාවිතා කරන ඒවාට වඩා නිවැරදි දින දර්ශන දෙකක් ඔවුන් සංවර්ධනය කළහ.

මායාවරුන් තාරකා විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ උසස් අවබෝධය ඔවුන්ගේ පන්සල් හා වෙනත් ආගමික ගොඩනැගිලි ඉදිකිරීමේදී ද භාවිතා කළහ. නිදසුනක් ලෙස මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා හි පිරමීඩය පිහිටා ඇත්තේ වසන්ත සමයේදී සූර්යයාගේ පිහිටීම අනුව ය. මෙම දිනවල හිරු බැස යෑමේදී පිරමීඩය මත ඇති මායාවරුන්ගේ සර්ප දෙවියන්ගේ කැටයම් කළ හිස සමග පෙලගැසෙන සෙවණැල්ලක් සෑදේ. එම සෙවණැල්ල සර්පයාගේ ශරීරය සාදයි. හිරු බැස යන විට සර්පයා පෘථිවියෙන් ලිස්සා යන බවක් එමගින් දර්ශනය වේ.

අත්‍යාවශ්‍ය මෙවලම් ලෙස අප සලකන දේ නොමැතිව මහා පිරමීඩ සහ මහා නගර ඉදිකිරීමට පුරාණ මායාවරුන් සමත් විය. එමෙන්ම රෙදි විවීම සඳහා සංකීර්ණ පේෂකර්මාන්තයක් ගොඩනඟා ගත් ඔවුන් අදටත් තාක්‍ෂණිකව භාවිතා කරන ඛනිජයක් වන මයිකා වලින් සාදන ලද දිලිසෙන තීන්තද ඒ සදහා යොදා ගන්නා ලදී. එමෙන්ම මෑතක් වන තුරුම මිනිසුන් විශ්වාස කළේ වල්කනීකරණය මගින් රබර් වෙනත් ද්‍රව්‍ය සමඟ සංයෝජනය කිරීමෙන් එය වඩාත් කල් පවතින බවයි. එය සොයාගනු ලැබුවේ 19 වන සියවසේදී ඇමරිකානු ජාතිකයකු වන චාල්ස් ගුඩ්යර් විසිනි. කෙසේ වෙතත්, ඉතිහාසඥයන් දැන් සිතන්නේ 1843 දී ගුඩ්යර්ට ඔහුගේ පේටන්ට් බලපත්‍රය ලැබීමට වසර 3,000 කට පමණ පෙර සිට මායාවරුන් රබර් වලින් නිෂ්පාදන කළ බවයි.

මායාවරුන්ගේ විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහණ තිබියදීත්, 11 වන සියවස ආරම්භයේදී ඔවුන්ගේ සංස්කෘතිය පිරිහෙන්නට පටන් ගත්තේය. මෙයට හේතුව අදටත් අභිරහසක් ව පවතින අතර මීට පෙර මායාවරුන් පිළිබද ලිපියකින් අප ඒ පිළිබඳව විස්තරය පල කර ඇත.

පුරාණ මායා සංස්කෘතියේ ඉතිරිව තිබූ බොහෝ දේ 16 වන සියවසේදී ස්පාඥ ආක්‍රමණත් සමග ඔවුන් රැගෙන ගිය අතර, මායාවරුන්ගේ විද්‍යාත්මක ජයග්‍රහණයේ උරුමයේ අද ඉතිරිව පවතින්නේ පුරාවිද්‍යාඥයින් විසින් මෙම විස්මිත පුරාණ සංස්කෘතිය පිළිබඳව දිගින් දිගටම කරන සොයාගැනීම් වලින් පමණි.

මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya) - Your Choice Way
සුප්‍රසිද්ධ මායා දින දර්ශනය

මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya) - Your Choice Way
මායා පිරමීඩයක්

මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya) - Your Choice Way
ඔවුන් භාවිතා කළ අකුරු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya) මායාවරුන් ලබා ගත් විද්‍යාත්මක ජයග්‍රහණ (Scientific achievements of the Maya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment