Nisasala Sithakini Song Lyrics - නිසසල සිතකිනි ගීතයේ පද පෙළ

Nisasala Sithakini Song Lyrics - නිසසල සිතකිනි ගීතයේ පද පෙළ
Song Title : Nisasala Sithakini (නිසසල සිතකිනි)
ගායනය : නාලිනී රණසිංහ
පද : ශාන්තිලාල් අශෝක කුමාර
තනුව : නාලිනී රණසිංහ


නිසසල සිතකිනි
ඔරුව පැදෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..)
කොයිබක යන්නද හිමිදිරියේ
කොයිබක යන්නද හිමිදිරියේ

එම්බා නැඟනිය
කිම ඔබ නොදැනයි

වත ගොත විමසන්නේ
වැදිගම අසලයි මහියංගන මහ දාගැබ වැජඹෙන්නේ
සුපුරුදු සුවඳකි හදට දැනෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..)
ආරාධනයයි හිමිදිරියේ //

ගස හෝ අතු අග
කොතැනද නොදැනයි

නාමල් පූදින්නේ
පින් ඇත්තන්මයි සසර පුරුද්දෙන්
කුසලට පෑහෙන්නේ

නිසසල සිතකිනි ඔරුව පැදෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..)
වෙහෙරට යන්නයි හිමිදිරියේ
වෙහෙරට යන්නයි හිමිදිරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nisasala Sithakini Song Lyrics - නිසසල සිතකිනි ගීතයේ පද පෙළ Nisasala Sithakini Song Lyrics - නිසසල සිතකිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment