කඩුපහර [Kadupahara] (Emilia Sonchifolia)

කඩුපහර [Kadupahara] (Emilia Sonchifolia) - Your Choice Way

🌿 කඩුපහර සෙ.මි. 40 දක්වා උසට හෝ බිම දිගේ වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. 

🌿 කඳේ අග්‍රස්ථය බෙහෙවින් අතු බෙදෙමින් සෘජුව වර්ධනය වේ. වෘන්ත රහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි.

🌿 ළපටි කොළ හැර අනෙක් කොළ තරමක් වීණාකාර වන අතර පත්‍ර අගය තරමක් අණ්ඩාකාරය. පත්‍රයක් දිගින් සෙ.මි. 10 ක් සහ පළලින් සෙ .මි. 4.5 දක්වා වර්ධනය වේ.

🌿 ශීර්ෂක පුෂ්ප මංජරිවල හට ගන්නා මල් රෝස පැහැතිය. 

🌿 කලාතුරකින් සුදු මල් පිපෙන අවස්ථාද දැක ගත හැකිය. ඵලය කුඩා ආයත හැඩැති ධාන්‍යයකි. බීජයට සම්බන්ධව සියුම් සුදු කේශර රාශියකින් යුක්තය බූමණියක් පිහිටා ඇත. බීජ සුළං මගින් ව්‍යාප්තවී යෑමට මෙම බූමණිය උපකාර වේ.

🌿 දේශීය ශා කයක් වන කඩුපහර Asteraceae උද්භිද කුලයට අයත් ශාකයකි. මෙම Emilia උද්භිද ගණයටම අයත් මෙවැනිම හැඩරුව සහිත දේශීය සහ ආවේනික ශාක විශේෂ 7 ක් පමණ ලංකාවෙන් වාර්ථා වී ඇති අතර ඒවාද අඩුවැඩි වශයෙන් ඖෂධ සඳහා භාවිතා කරනවා විය හැකියි.

🌿 හොරි, වණ තුවාල, දද, කුෂ්ඨ, සුළු කැපුම් සීරුම්, පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතුන්ගේ විෂ ආදියට ප්‍රතිකාර කිරීමටත් ග්‍රහණි, අතීසාර, මාන්දම්, සෙංගමාල වැනි රෝග අවස්ථාවන්ට අත් බෙහෙත් ලෙස යෙදීමටත් සම්පූර්ණ කඩුපහර ශාකයම භාවිතා කරයි.

🌿 කඩුපහර විශේෂයෙන් විෂ නාශක ගුණයෙන් යුක්ත බව දක්වා ඇත.

🌿 කැපුම් තුවාල සඳහා කඩුපහර, අමුකහ, මැටිපලා (නොපීදුණු බුලත් කොළ), අමුඉඟුරු සහ සුදුලූණු සමව ගෙන කොටා තලතෙලින් මලවා බඳී. හොරි, වණ, දද, කුෂ්ඨ ආදියට කඩුපහර තැම්බූ ජලයෙන් සේදීම ගුණය.

🌿 සුළු කැපුම් සීරුම් අවස්ථාවලදී ලේ නැවැත්වීමට කඩුපහර කොළ තලා තුවාලය මත එලයි. 

🌿 තුවාල පෑහීමට සහ ලේ වහනය නැ වැත්වීමට කඩුපහර, දෙහි, මදු, ඔලිඳ, කරල්සැබෝ, කටුපිල, හාතාවාරිය යන ශාකවල දලු සමව ගෙන කහ, ලුණු සමඟ කොටා මලවා බඳී. පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතකු දෂ්ට කළ විට කඩුපහර හාල්පානු වතුරින් තම්බා අඹරා දෂ්ට මුඛයේ ගෑම සහ කඩුපහර ශාකය ඇල්දියෙන් අඹරා ආලේප කිරීම සිදු කරයි.

🌿 ගැමියන් කඩුපහර කොළ මැල්ලුමක් ලෙස හා කැඳ සඳහා භාවිතා කරයි.

🌿 කුසගිනි මඳ විට මෙම කොළ ව්‍යංජනය ගුණදායක ය. කල්වම් පළා මැල්ලුමට සහ සලාදයක් ලෙස කොළ කෑමට ගත හැකිය.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය
කඩුපහර [Kadupahara] (Emilia Sonchifolia) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කඩුපහර [Kadupahara] (Emilia Sonchifolia) කඩුපහර [Kadupahara] (Emilia Sonchifolia) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment