Gan Iwure Thuru Latha Madulle Song Lyrics - ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගීතයේ පද පෙළ

Gan Iwure Thuru Latha Madulle Song Lyrics - ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Gan Iwure Thuru Latha Madulle (ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුසුම් පීරිස්


ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි //

ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි

සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝර ගලා
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gan Iwure Thuru Latha Madulle Song Lyrics - ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගීතයේ පද පෙළ Gan Iwure Thuru Latha Madulle Song Lyrics - ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2022 Rating: 5

0 comments:

Post a Comment