Dedunu Patayi Song Lyrics - දේදුනු පාටයි ගීතයේ පද පෙළ

Dedunu Patayi Song Lyrics - දේදුනු පාටයි ගීතයේ පද පෙළ
Song Title : Dedunu Patayi (දේදුනු පාටයි)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ සුවඳේ

මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ලං වීලා සැනසී

වරල ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ
සුවඳ ඔබේ චන්දන අරණ වගේ

ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩියි මගෙ ආදරේ ඔබට ප්‍රියේ
මගෙ ආදරේ ඔබට ප්‍රියේ

කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
සීන ලොවේ මම අහසේ පියඹනවා

ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ සුවඳේ
පිනි වාගේ දිලිසෙන්නේ නෙතඟේ

මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ලං වීලා සැනසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dedunu Patayi Song Lyrics - දේදුනු පාටයි ගීතයේ පද පෙළ Dedunu Patayi Song Lyrics - දේදුනු පාටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment