කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

කේක් එක සඳහා
  • පිටි ග්‍රෑම් 200 
  • සීනි ග්‍රෑම් 200
  • බටර් ග්‍රෑම් 200
  • බිත්තර 4
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
  • බේකින් සෝඩා තේ හැඳි 1/4
  • කෝපි එසන්ස් තේ හැඳි 2 (අත්‍යාවශ්‍යතම නෑ)
  • දිය කර ගත් ක්ෂණික කෝපි මේස හැඳි 2 ක් (උණු වතුර මේස හැඳි 2 ක දිය කර ගන්න)
Frosting එක සඳහා
  • අයිසින් සීනි ග්‍රෑම් 200
  • බටර් ග්‍රෑම් 200
  • දිය කර ගත් ක්ෂණික කෝපි මේස හැඳි 2 ක් (උණු වතුර මේස හැඳි 2 ක දිය කර ගන්න)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ සේරටම කලින් අවන් එක සෙල්සියස් අංශක 160 ක් ෆ්‍රී හීට් වෙන්න දාන්න.මෙන්න මේක ගොඩක් අය කේක් හදද්දි කරන වැරැද්දක් (ආධුනික අය) එයාල අවන් එක ෆ්‍රී හීට් වෙන්න දාල පසුව ඒක Off කරනව.හීටි වෙලා ඇති කියල නිගමනය කරල.ඉතින් අන්තිමට කේක් ඒක බේක් කරල ගත්තම එක්කො කේක් එක පිපිල නැහැ.මැදින් බැහැල වගේ වෙනව.ඒ නිසා අවන් එක off කරන්න එපා.🔴 අවන් එකක් නැත්නම් ගෑස් ලිපේ,රයිස් කුකර් එකේ උනත් හදන්න පුළුවන්.(ගිය පාර ඒ හදන විදිය කියල ඇති.)
  2. ♦️ දැන් කේක් Tray එක අරන් හොඳට තෙල් ටිකක් ගාල පාච්මන්ට් පේපර් එකක් එලන්න. ඒක උඩිනුත් තෙල් ටිකක් ගාල පැත්තකින් තියන්න.එතකොට සියළුම දේ ලෑස්තියිනේ.
  3. ♦️ දැන් වැඩේ පටන් ගනිමු.මුලින්ම බටර් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කරන්න.මම නම් සීනි බ්ලෙන්ඩ් කරල ගත්තෙ. 
  4. ♦️ දැන් මේ බටර් සීනි මිශ්‍රණයට බිත්තර ටික ටික දමමින් හොඳට බීට් කරන්න.එක පාර දාන්න එපා.(මම බිත්තර ටික වෙනම භාජනයකට කඩල විස්ක් කරල තමයි ටික ටික මිශ්‍ර කරන්නෙ)
  5. ♦️ පසුව පිටි බේකින් පවුඩර් බේකින් සෝඩා හොඳින් කවලම් කර හලා ගන්න.දැන් පිටි ටිකෙන් ටික එකතු කරමින් ස්ප්‍රැචූලා එකකින් කවලම් කරන්න.(පිටි ටික එක පාර දාන්න එපා) ටිකෙන් ටික එකතු කරමින් කවලම් කරන්න.පසුව අපි දිය කර ගනිපු කෝපි ටික දන්න.එසෙන්ස් තියේනම් ඒවත් දාල හොඳට කවලම් කරන්න.
  6. ♦️ හරි දැන් බැටර් එක අපි පාච්මන්ට් කොලයක් එළල සකසා ගනිපු tray එකට දාල වාත බුබුළු යන්න පොඩ්ඩක් තට්ටු කරන්න.
  7. ♦️ මේක අපි කලින් ෆ්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 25 ක් 30 ක් බේක් කරන්න.හැබැයි අවන් එකෙන් අවන් එකට පොඩි පොඩි වෙනස් කම් තියනවා.මගේ auto timer නිසා විනාඩි 27 ක් යද්දි බේක් උනා.ඔයාල ටූත් පික් එකක් යවල තහවුරු කරගන්න බේක් වෙලාද කියල.
  8. ♦️ බේක් උනාට පස්සෙ එළියට අරන් විනාඩි 15 ක් 20 නිවෙන්න තියල කොටස් දෙකකට වෙන් කර ගන්න.(තට්ටු දෙකකට)

🔴🔴 දැන් අපි frosting එක හදමු.

  1. ♦️ මේක හරිම ලෙහෙසි වැඩක්.බටර් ටික සහ අයිසින් සුගර් ටික හොඳට බීටි කරන්න.බටර් ටික දිය වෙනකන් බීටි කරල දිය කර ගත් කෝපි ටික එකතු කරල නැවත බීටි කරන්න. (කෝපි වැඩි කර ගන්න එපා.තිත්ත වෙනව කියල තියන ප්‍රමාණයට විතරක් ගන්න)
  2. ♦️ දැන් අපි කොටස් දෙකකට වෙන කරපු කේක් එකේ අයිසින් ටිකක් හොඳට අතුරන්න. ස්ප්‍රැචූලා එකක් ගන්න.පසුව අනෙක් කේක් පළුව ඒක උඩින් තබා ඉතිරි අයිසින් ටික උඩින් අතුරන්න.කජු ටිකක් හරි චෙරි ටිකක් හරි තියේනම් කැමති ක්‍රමයට සරස ගන්න.මම නම් උඩින් ලාවට වගේ කෝපි සහ සුගර් එක්ක මයිලෝ පවුඩර් කවලම් කරල ඉස ගත්ත.එපමණයි.
🔴 හරි වැඩි වෙලාවක් යන්නෙ නැහැ.උපරිම පැය එකහමාරක් යාවි. ඒ වගේද තමන්ගෙ උත්සාහය.කඩෙන් වස විස උස්සන් ඇවිත් කනවට වඩා කොයිතරම් අගේද තමන් විසින්ම හදල ගෙදර අය එක්ක බෙදා හදාගෙන කනකොට නේද??

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way


කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way

කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 කෝපි කේක් හදමු (Coffee Cake) 🍘 🍘 🍘 👌👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment