Adawan Dasin Bala Hidina Sanda Song Lyrics - අඩවන් දෑසින් බලා හිඳින සඳ ගීතයේ පද පෙළ

Adawan Dasin Bala Hidina Sanda Song Lyrics - අඩවන් දෑසින් බලා හිඳින සඳ ගීතයේ පද පෙළ
Song Title : Adawan Dasin Bala Hidina Sanda (අඩවන් දෑසින් බලා හිඳින සඳ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පූජ්‍ය එප්පල පියනන්ද හිමි
තනුව : නිමල් ගුණසේකර


අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා

බුදු බණ දෙසුවා දානෙට පිරිතට
යොදුන් ගණන් දෙපයින් වැඩියා
පන්සල් තැනුවා
ගෝලයො හැදුවා
පර හට තම දිවි කැප කෙරුවා

අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා

පාළුව රජයන විහාරයේ ඔබ
බුදු රුව අබියස තනිවීලා
ලොකු හාමුදුරුවො බවුන් වඩනවද
ලොව්තුරු නිවනේ සුව විඳලා

අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adawan Dasin Bala Hidina Sanda Song Lyrics - අඩවන් දෑසින් බලා හිඳින සඳ ගීතයේ පද පෙළ Adawan Dasin Bala Hidina Sanda Song Lyrics - අඩවන් දෑසින් බලා හිඳින සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2022 Rating: 5

0 comments:

Post a Comment