Wisirunu Mal Pethi Song Lyrics - විසිරුණු මල්පෙති ගීතයේ පද පෙළ

Wisirunu Mal Pethi Song Lyrics - විසිරුණු මල්පෙති ගීතයේ පද පෙළ
Song Title : Wisirunu Mal Pethi (විසිරුණු මල්පෙති)
ගායනය : අතුල අධිකාරි
ගී පද : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ


විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wisirunu Mal Pethi Song Lyrics - විසිරුණු මල්පෙති ගීතයේ පද පෙළ Wisirunu Mal Pethi Song Lyrics - විසිරුණු මල්පෙති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment