සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes)

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි ග්‍රෑම් 250
  • අමතර පාන් පිටි ග්‍රෑම් 50
  • හාල් පිටි ග්‍රෑම් 50 (අවශ්‍යම නෑ)
  • රුලං මේස හැඳි 4
  • ලුණු ස්වල්පයක් 
  • බටර් මේස හැඳි 2
  • ආප්ප සෝඩා තේ හැඳි 1 / 8
  • පමණට වතුර
  • බැදීමට තෙල්
  • සීනි ග්‍රෑම් 250
  • වතුර මිලි ලීටර් 150 
  • රතු පාට වර්ණක (මේවා කෘතීම කලරින් නෙවෙයි)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪ පාන් පිටි,හාල් පිටි සහ රුලං වලට ලුණු  මිශ්‍ර  කර ආප්ප සෝඩා (සෝඩියම් බයි කාබනේට්) එකතු කරල හොඳට කවලම් කරල වතුර ටික  ටික  දමමින් අතේ නොඇලෙන පදමට මෝලිය සාදා ගන්න.🔴වතුර එක පාර දාල දියාරු වැඩි කර ගන්නෙ නැතුව ටික ටික වතුර දමමින් මෝලිය සාදා ගන්න. දැන් හදපු පිටි මෝලිය කිචන් ටවල් එකකින් වහල විනාඩි 15 ක් වගේ තියන්න.
  2. ▪ දැන් අමතරව ගත් පාන් පිටි ග්‍රෑම් 50 ට බටර් හෝ තෙල් දමා දියාරු පාප්පයක් සාදා ගෙන පැත්තකින් තියන්න.
  3. ▪️ පිටි මෝලිය කුඩා කොටස් පහකට වගේ කඩා ගෙන රෝලින් පින් එකකින් හොදට තුනී කරන්න.(රෝලින් පින් එකක් නැත්නම් දිග බෝතලයක් ගන්න) දැන් අපි හදාගත් පාප්ප මිශ්‍රණය එහි ආලේප කර එක් පැත්තකින් මැදට නවා අනෙක් පැත්තෙන් වසා ගන්න.
  4. ▪️ දැන් මෙය කැමති ප්‍රමාණයේ   කුඩා කොටස් වලට කපා දිගටි අතට තුනී කර ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකන් බැද ගන්න.🔴 ඔයාල ළඟ තියේනම් තල ටිකක් උනත් එකතු කරල මේක අනා ගන්න පුළුවන්. එතකොට තවත් රසයි.ප්‍රමිතියකුත් එනව.

🔴🔴 දැන් අපි සීනි එක හදා ගනිමු.
  1. ▪️ සීනි ටිකට වතුර මිලි ලීටර් 150 ක් වගේ දාල පත් පැණි එක හදා ගන්න.පැණි එකට ඉතින් එනසල් ඇට කිහිපයක් තලල එහෙම දාන්න. හොදට නූලක් වගේ එනතුරු පැණි එක හදා ගන්න. අන්න ඒ මට්ටමට එනකොට කලරින් එකතු කරන්න.🔴 අපෝ කලරින් කිව්වෙ අර කඩේ තියන පොඩි පොඩි වහ කුප්පි නෙවෙයි.මම ගෙදර ස්වභාවික ලෙස හදා ගනිපු ඒවා. ඒක හදන හැටිත් දාල ඇති.
  2. ▪️ හරි දැන් එහෙම නම් අපි හදා ගනිපු පතුරු උඩින් පැණි වක්කරල නිවෙන්න තියන්න. කැමති නම් පැණි භාජනය ඉඩ තියේනම් ඒකටම දාල උනත් කවලම් කරල හදා ගන්න පුළුවන්.මොකද පැණි එක හයිවෙලා ගානට එනව එහෙම කලත්. නමුත් මම හදපු විදියට උඩින් වක්කලාම හරිම ලස්සනයි.
  3. ▪️ හොඳට නිවුණාට පසු හුලං නොවදින භාජනයකට දාන්න.බලන්න කඩෙන් ගනිපු වගේම රසයි ලස්සනයි. ඒ වගේද අන්තරාදායක වස විස කලරින් නැවත නැවත පාවිච්චි කල පොල් තෙල් නෑ. ඒ වගේම ක්‍රිස්පි වෙන්න ප්ලාස්ටික් බෝතල් දාලත් නෑ 😃😃😃🔴 ස්වභාවික රතු පාට කලරින් 
  4. ▪️ හරිම ලේසියි. බීට් අලයක් අරන් පොත්ත ඉවත් කරල හීනියට ග්‍රේට් කරල හොඳට වෙලා ගන්න. (දවස් තුනක් වත් හොඳ තද අව්වේ වේලා ගන්න ඕන. ඊට පසු බ්ලෙන්ඩර් කරන්න පවුඩර් එකක් වෙනකන්.
  5. ▪️ කහ පාට ඕනෑ නම් කැරට් ගන්න.🔴 මම නම් ජූස් එකක් හැදුවත්,කේක් හැදුවත් මොනදේ හැදුවත් අර කඩේ තියන පාට පාට වහ කුප්පි වල ඒව නම් දාන්නෙ නෑ. ඔයාල දාන්නත් එපා. 

එහෙනම් ආයෙම දවසක කෑමක් හැදුවම ඔයාල හැමෝම එක්ක දැනුම බෙදා ගන්නම්. හැමෝටම උතුම් තෙරුවන් සරණයි  ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way

සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) සීනි පතුරු හදමු (බට කොළ) 🥐 (Sugar Flakes) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2021 Rating: 5

0 comments:

Post a Comment