Sudu Pata Mal Watunu Song Lyrics - සුදු පාට මල් වැටුණු ගීතයේ පද පෙළ

Sudu Pata Mal Watunu Song Lyrics - සුදු පාට මල් වැටුණු ගීතයේ පද පෙළ
Song Title : Sudu Pata Mal Watunu (සුදු පාට මල් වැටුණු)
ගායනය : ගයන්ත විජේරත්න
සංගීතය : ගයන්ත විජේරත්න
තනුව : සුරේන් ඩී
ගී පද : සුරේන් ඩී


සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ

වැහි දා ට කඩදාසි ඔරු හැදුවා මං 
වැහි ලිහිණියෝ වැහි අරන්
දුර ඈත ගෙනිහිල්ල දැන් මම ඉතින්
කඩදාසි ඔරු තනි වුණා 
වැහි නැතිව මග තනි වුණා /

සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ

එන දා ට ගම පැත්තේ මට ලීවෝතින්
මුතු අකුරෙන් පිටුවක්‌ පුරා
බඩ වැටිය ලිඳ ගාව මම ඉන්නවා
දැක ගන්න මගේ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා

සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Pata Mal Watunu Song Lyrics - සුදු පාට මල් වැටුණු ගීතයේ පද පෙළ Sudu Pata Mal Watunu Song Lyrics - සුදු පාට මල් වැටුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment