තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry)

තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තුඹ කරවිල ග්‍රෑම් 250
  • ගොරකා කෑලි 2 ක්
  • ලුණු 
  • සුදු ළූණු 
  • රතු ළූණු 
  • අමු මිරිස් 
  • කහ කුඩු 
  • බැදපු තුනපහ කුඩු
  • රම්පෙ කරපිංචා 
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • සියඹලා යුෂ මේස හැඳි 1
  • තෙල් ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම තුඹ කරවිල ටික හතරට පළලා ලුණු  පොඩ්ඩක් සහ ගොරකා කෑලි 2ක් දාලා හොඳට තම්බා ගන්න.
  2. ♦️ ඊට පස්සෙ මැද තියෙන ඇට ටික ඉවත් කරල බාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාල තෙල් ටික රත් වුනාම ඒකට සිහින්ව කැපූ සුදු ලූණු රතු ලූණු,අමු මිරිස්,රම්පෙ,කරපිංචා එකතු කරන්න.
  3. ♦️ ඒකටම මිරිස් කුඩු මේස හැන්දකුත් එකතු කරල  බැදෙන්න දෙන්න.
  4. ♦️ හොඳට බැදුනට පසු දැන් තුඹ කරවිල ටික එකතු කරල කහකුඩු,බැදපු තුනපහ කුඩු සහ ලුණු රස පදම අනුව එකතු කරන්න.
  5. ♦️ ඒකටම සියඹලා යුෂ ටිකත් එකතු කරන්න. සියඹලා වෙනුවට තක්කාලි ගෙඩියක් තීරු කපල එකතු කරන්නත් පුළුවන්.
  6. ♦️ තෙල් වලින් මදක් තැම්බුනාට පස්සෙ උකු මිටි කිරි එකතු කරන්න.මම දැම්මෙ මිටි කිරි අඬු කෝප්ප 1 ක් වගේ ප්‍රමාණයක්.
  7. ♦️ කිරි එකතු කරල හොඳට තැම්බිලා කිරි හිඳෙන්න දෙන්න.හැන්දේ ලාවට දැවටෙන ගාණට ආවම ලිපෙන් බාන්න.
🔴🔴 අපි පොඩ්ඩක් බලමුද මේ තුඹ කරවිල තියන ගුණ මොනවාද කියලා..
👉 තුඹ කරවිල කියන්නෙ ප්‍රාණජීව වැනි අගනා තෙල් හා අරිෂ්ට ආදියට යොදා ගන්න විශ්මිත ඖෂධීය ආහාරයක්.
👉 විෂ නාශක ඖෂධයක් වගේම එළවළුවක් මේවා ආහාරයට ගත්විට, තුන්දොස් සමනය වෙනවා
👉 තුඹ කරවිල යුෂ උදෑසන හිස්බඩ පානය කිරීමෙන්, අශ්මරී මර්දනය වෙනවා.

🔴🔴 හරිම ගුණදායක එළවළුවක්.ඉක්මනට උයා ගන්නත් පුළුවන්.ඔයාලගෙ දානයක් වගේ දෙයක් දවසට අනිවාර්යයෙන්ම මේක හදන්න. ස්වාමීන්වහන්සේල බොහොම කැමැත්තෙන් වළදාවි මේක.අත්දැකීමෙන් කියන්නෙ 😃😃

එහෙනම් ආයෙම දවසක කෑමක් හැදුවම ඔයාල හැමෝම එක්ක දැනුම බෙදා ගන්නම්. හැමෝටම උතුම් තෙරුවන් සරණයි  ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) - Your Choice Way

තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) - Your Choice Way

තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) - Your Choice Way

තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) - Your Choice Way

තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) තුඹ කරවිල වෑංජනය හදමු (Spine Gourd Curry) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment