Your Choice Way

Sihine Vilase Song Lyrics - සිහිනේ විලසේ ගීතයේ පද පෙළ

Sihine Vilase Song Lyrics - සිහිනේ විලසේ ගීතයේ පද පෙළ
Song Title : Sihine Vilase (සිහිනේ විලසේ)
ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව


සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //

දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා

නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihine Vilase Song Lyrics - සිහිනේ විලසේ ගීතයේ පද පෙළ Sihine Vilase Song Lyrics - සිහිනේ විලසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, December 07, 2021 Rating: 5

0 comments:

Post a Comment