Your Choice Way

Eka Dawasak Handewaka Song Lyrics - එක දවසක් හැන්දෑවක ගීතයේ පද පෙළ

Eka Dawasak Handewaka Song Lyrics - එක දවසක් හැන්දෑවක ගීතයේ පද පෙළ
Song Title : Eka Dawasak Handewaka (එක දවසක් හැන්දෑවක)
ගායනය : අතුල අධිකාරි
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : අශෝක හඳගම
සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙන්


එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්

සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන

මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග

ඔබේ පෙම  මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Dawasak Handewaka Song Lyrics - එක දවසක් හැන්දෑවක ගීතයේ පද පෙළ Eka Dawasak Handewaka Song Lyrics - එක දවසක් හැන්දෑවක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, December 07, 2021 Rating: 5

0 comments:

Post a Comment