Senehe Sithin Song Lyrics - සෙනෙහෙ සිතින් ගීතයේ පද පෙළ

Senehe Sithin Song Lyrics - සෙනෙහෙ සිතින් ගීතයේ පද පෙළ
Song Title : Senehe Sithin (සෙනෙහෙ සිතින්)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ


සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන් //

එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ..
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ..
එවන් පොළව මත යුධ වැද උරුම සොයන්නේ..
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ..

සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්

බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ

සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehe Sithin Song Lyrics - සෙනෙහෙ සිතින් ගීතයේ පද පෙළ Senehe Sithin Song Lyrics - සෙනෙහෙ සිතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment